Colombo Today Local News

නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසකට හිමිකම් කියන නවම් පුර පසළොස්වක පොහොය මෙරට බෞද්ධ ජනතාව සැදැහැ සිතින් සමරනු ලබයි.

බුදු රජාණන්වහන්සේ, සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේ අද වැනි නවම් පුර පසළොස්වක පොහෝ දිනකයි.

එහිදී සැරියුත් මහ රහතන් වහන්සේට ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයත්, මුගලන් මහ රහතන් වහන්සේට ඍද්ධිමතුන් අතර අග්‍රස්ථානයත් පිරිනැමු බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය.

සම්බුද්ධ ශාසනයේ ප්‍රථම මහා සංඝ සම්මේලනය ද පැවැත්වුයේ අද වන් පොහොය දිනයකදීයි.

මේ අතර කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර අද වීදි සංචාරය කිරීමට නියමිතයි.

Related posts

මැතිවරණ කොමිශන් සභාවේ සාමාජික හූල්ට පොදුජන පෙරමුණෙන් පැමිණිල්ලක්

colombotoday

කොරෝනා වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කළ නවතම හෙළිදරව්ව

colombotoday

ජනපති, අගමැති ඇඟිළිගැසීමෙන් මංගල කුපිත වේ

colombotoday

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකගෙන් දැනුම්දීමක්

colombotoday

දැරියට පහරදීමේ පැමිණිල්ල භාර නොගත් කාන්තා SI 2නාගේ සේවය අත්හිටුවයි

colombotoday

අප්‍රේල් සිට උමාඔයෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට

Admin