Colombo Today Local News

පොලිස්පතිවරයාට සහ CIDයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සමක්

මෑතකදී මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් මරණයට පත්වීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම සිද්ධියෙන් මියගිය සම්පත් පුෂ්පකුමාර නමැති රැඳවියකුගේ බිරිඳ වන එම්.ජී ලසන්ති නමැත්තිය විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහි අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කාරිය කියා සිටින්නේ, මෙම සිරකරුවන්ගේ මරණ පිළිබඳව පූර්ණ විමර්ශනයක් පැවැත්වූ වැලිසර මහෙස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉකුත් අප්‍රේල් මස 26 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කළ බවය.

එම නියෝගය නිකුත් වී මාස එක හමාරකට වැඩි කාලයක් මේ වන විට ගතවී තිබුණත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බවත් පෙත්සමින් චෝදනා කර තිබේ.

අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

Related posts

රවීට කලින් සජිත් ඉල්ලා අස් වෙයි ?

colombotoday

මහජන ආධාර දෙපාර්තමේන්තුව තාවකාලිකව වැසේ

colombotoday

චීන මහජන විමුක්ති හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාවට එන්නත් පරිත්‍යාගයක්

colombotoday

හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් තවත් නාකොටික් නිලධාරීන් 11ක් අත්අඩංගුවේ

colombotoday

රජිව් ගාන්ධි ඝාතනයෙන් නිදහස් වූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා යළි මෙරටට

Admin

මත්ද්‍රව්‍ය දී තරුණයන් හොරකමේ යෙදවූ අඹුසැමි යුවල බඩුත් එක්කම මාට්ටු

colombotoday