Colombo Today Local News

කසිප්පු මුදලාලිගේ සාදයකට ගිහින් ගුටි කෑ පි.සී‍ ගේ වැඩ තහනම්

කුරුණෑගල දිසාවේ කසිප්පු ජාවාරම් කරුවකු බව කියන පුද්ගලයකු ගේ නිවසේ පැවැති සාදයකට සහභාගි වී නිවස බලා යන අතර වාරයේ තරුණ පිරිසකගේ පහර කෑ පොලිස් සැරයන්වරයකු ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ නිකවැරටිය පන්සියගම පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.

මෙම පොලිස් සැරයන්වරයා කසිප්පු ජාවාරම් ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයාගේ නිවසේ පැවති සාදය අවසන් වී නිවෙස් බලා යන අතර වාරයේ ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සමග ආරවුලක් ඇතිකර ගැනීමෙන් පසු එම තරුණයන් මෙම සැරයන්වරයා ට පහර දී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇත.

Related posts

ඌව ආණ්ඩුකාර නියමයෙන් අත්හිටු වූ බදුල්ල මහා නගර සභාව යළි සක්‍රිය කෙරේ

colombotoday

රෝහල් සුළු සේවිකාවකට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට

Admin

මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර මේ වසර අවසානයේදී ජනතා අයිතියට

colombotoday

ගම්පහ සියලු අවමංගල්‍ය කටයුතු පැය 24කදී අවසන් කළ යුතුයි

colombotoday

චීනයෙන් ප්‍රතිචාර‍යක් නැහැ… IMF ණය කල් යන ලකුණු

Admin

යාපනේ දෙමළ ඉතිහාසය අවුරුදු 250යි.. උතුරේ සිංහලයන්ගේ පාරම්පරික ඉඩම් මෙන්න !

colombotoday