Colombo Today Local News

අද සිට පාසල් ළමුන් ප්‍රවාහනයට සිසු සැරිය බස් රථ 1400ක්..

පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා අද (07)දිනයේ සිට සිසු සැරිය බස් රථ 1,400ක් පමණ යොදවා ඇතැයි ජාතික ගමනාගමන කොමිසම පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, ලංගම බස් රථ 700 ක් පමණ ඒ අතර වන බවයි.

මේ අතර, පවතීන ඩීසල් අර්බුදය හමුවේ අද දිනයේදී දිවයින පුරා ධාවනය කළ හැක්කේ බස් රථ 4,500ක් පමණක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

කෙසේ වෙතත් පෞද්ගලික බස් රථ සඳහා ද ඩීසල් ලබාදීමේ ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කරයි.

Related posts

“ආණ්ඩුව කොරෝනා මර්දනය කරනවා වෙනුවට මිනිසුන් මර්දනයකරනවා.. දැන් වැඩ කරන්නේ ගොඩ වෙදාගේ තියරියටයි.”

colombotoday

නැගෙනහිර හර්තාල්.. කඩ සාප්පු වසා දැමේ.. කලු කොඩි ඔසවයි..

colombotoday

2020 පාර්ලිමේන්තුවේ සං‍යුතිය ප්‍රකාශ කෙරේ

colombotoday

යොවුන් පාර්ලිමේන්තුවේ බලය ඇල්ලීමට මුස්ලිම් පල්ලිය කරන කුමන්ත්‍රණය !

colombotoday

කසළ තේ කිලෝ 5000ක් කසළ තේ බලකොටුවේදී අල්ලයි.

colombotoday

විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

Admin