Colombo Today Local NewsUncategorized

විදුලිබල මණ්ඩලය සැපයුම්කරුවන්ට කෝටි 65,500 ක් ණයයි

ලංකා විදුලිබල මණ්ඩල කුඩා ජල විදුලිබලාගාර සහ ‘සෝලා’ ඇතුළු සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 72ක් හෙවත් රුපියල් කෝටි 7,200 ගෙවීමට ඇති බව එම මණ්ඩලයේ මූල්‍ය ප්‍රධානී තිස්ස ලියනගේ මහතා පවසයි.

එම ගෙවීම් කොටස් ලෙස ගෙවමින් සිටිය ද මණ්ඩලය මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හේතුවෙන් මෙසේ වගකීම් ලෙස එකතු වී ඇති බව ද ඒ මහතා කියයි.

මෙම වසරේ ඔක්තෝබර් මස වන විට විදුලිබල මණ්ඩලයේ වගකීම් රුපියල් බිලියන 655 ක් හෙවත් රුපියල් කෝටි 65,500 ක් බව කී ලියනගේ මහතා එම වගකීම් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු බිලියන 57 කින්, පෞද්ගලික අංශයේ විදුලිය මිලදී ගැනීම්වලට ගෙවිය යුතු බිලියන 77 කින්, කුඩා විදුලි බලාගාරවලට ගෙවිය යුතු බිලියන 36 කින්, ‘සෝලා’ කෙටි කාලීන ණය සහ සැපයමුකරුවන්ට ගෙවිය යුතු බිලියන 36 කින්, බැංකු ණය බිලියන 131 කින්, ව්‍යාපෘති ණය බිලියන 295 කින් සහ වෙනත් ණය බිලියන 20 කින් සමන්විත බව ද සඳහන් කරයි.

Related posts

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

රෝහල්ගත කර සිටි රන්ජන් යළි අඟුණකොළපැලැස්සට

colombotoday

කල් ඉකුත් වූ කදුලු වායු විනාශ කිරීමට නියෝග

Admin

වී ගබඩා කීරිමට රජය ගත් තීරණයෙන් මත්තලට බර හානි. වී තොග ඉවත් කරගන්න ඇමති නියෝග කරයි.

colombotoday

මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමි අතුරුදන් ?

colombotoday

පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ තනතුර නිහාල් තල්දූවට

colombotoday