Colombo Today Local News

තහනම ඉවත් වෙයි… හරින්-මනුෂ එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයට

මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු හට යළිත් එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ලබා දීමට ඊයේ (2)දින රැස් වූ එම මණ්ඩලය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

ඔවුන් දෙදෙනාගේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය මෙතෙක් කල් තහනම් කර තිබූ බව ද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වූ බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

කෘත්‍යාධිකාරි මණ්ඩලයට අමතරව විධායක සභාව ශක්තිමත් කිරීමටත් විධායක සභාව තීන්දු ගන්නා තැනක් බවට පත් කිරීමටත්, දේශපාලන කටයුතු සිදුකිරීම වෙනුවෙන් වෙනම කමිටුවක් නිර්මාණය කිරීමටත්, මාර්ගගත ක්‍රමවේදයට අනුව පක්ෂය සංවිධානය කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කළ බව මහ ලේකම්වරයා කීය.

එසේ ම එක්සත් ජාතික පක්ෂයේ 77 වන පක්ෂ සම්මේලනය පැවැත්වීම පිළිබඳව ත් පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වූ බව ද හෙතෙම පැවසීය.

ඒ අනුව, සැප්තැම්බර් 10 වන දා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පක්ෂ සම්මේලනය පැවැත්වීමට තීරණය කළ බව ත් අරගලයේදී ජනතාව පැවැසූ ආකාරයේ ක්‍රමයේ වෙනසක් කිරීමට අදාළ පක්ෂ ව්‍යවස්ථාව වෙනසකට ලක්කිරීමට නියමිත බව ත් මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සඳහන් කළේ ය.

Related posts

අනුර මනතුංග පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

colombotoday

යහපාලන TOP 10 තුන්වෙනියා හෙළිවෙයි.. වංචාව මිලියන 1000යි !

colombotoday

දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීමකට සූදානමක් නැහැ

colombotoday

විරෝධතාකරුවන්ට පහරදීම ගැන නාමල් විවේචනය කරයි

colombotoday

සයිටම් වෙඩි තැබීමේ නාටකයේ ප්‍රධාන නලුවා රිමාන්ඩ්

colombotoday

12 පංතියේ සිසුවා 11 සිසුවාට පිහියෙන් ඇන රෝහලේ…

Admin