Colombo Today Local News

අක්ෂි කාච වංචාවක් ගැන සෞඛ්‍ය ලේකම්ට එරෙහිව පොලිස්පතිවරයාට සහ අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

අක්ෂි කාච මිල දී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී එක් සමාගමකට වාසි වන අයුරින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විසින් අදාළ සමාගම විසින් ඉදිරිපත් කරන ලද විශේෂ අභියාචනාවල පාද සටහන් යොදමින් කටයුතු කර ඇතැයි චෝදනා කරමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංවිධානය හා අල්ලස සහ දූෂණය නාස්තියට එරෙහි ජාතික පෙරමුණ ඊයේ (2)දින පොලිස්පතිවරයාට සහ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කර තිබේ.

අක්ෂි කාච ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මිල දී ගැනීම සඳහා වූ මෙම ප්‍රසම්පාදනයේදී රුපියල් බිලියනයකට ආසන්න මුදලක් වැය කෙරෙන බැවින් පුළුල් පරීක්ෂණයක් පවත්වා ප්‍රසම්පාදන ක්‍රියාවලිය නැවත ආරම්භ කරන්නැයි එම සංවිධාන සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී මිලෙන් අඩු ලංසු ලබාදුන් සමාගම්වල සාම්පල ලබා ගැනීමට පවා අවස්ථාව නොදී මිලෙන් වැඩි ලංසු ඉදිරිපත් කළ සමාගම්වලට වාසි සහගත ලෙස කටයුතු කළ බව බැලූ බැල්මට පෙනී යන්නේ යැයි ද එම පැමිණිල්ලේ සඳහන්ව ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ මැදිහත්වීම පැහැදිලි අක්‍රමිකතාවක් වන බැවින් චන්ද්‍රගුප්ත මහතා වහා ම ධූරයෙන් ඉවත් කොට පරීක්ෂණ පවත්වා මූල්‍ය අපරාධ නීතිය යටතේ කටයුතු කළ යුතු යැයි ද මෙම පැමිණිලි ඉදිරිපත් කළ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් සඳහන් කර සිටි.

Related posts

9 හැවිරිදි සිසුවෙක් ගසක එල්ලී සියදිවි නසාගනී, එල්ලී මැරුණාද? මරා එල්ලුවාද? සැකයක්.

colombotoday

කසල තේ කිලෝ 1,890ක් සමග පුද්ගලයෙක් STF දැලේ…

colombotoday

ලියාපදිංචියට නව දේශපාලන පක්‍ෂ 76 කින් අයදුම්පත්

colombotoday

පාස්කු ප‍්‍රහාරයට වරදකරුවන් වන ප‍්‍රධානතම අන්තවාදීන්ට අධි ආරක්ෂිත සිරගෙයක්

colombotoday

හිමිකරුවෙක් නොමැති කේරළ ගංජා කිලෝ 60ක් වෙරළේ…

Admin

උදයංග වීරතුංග මෙරටට ගෙන ඒමට උදර්පණ නීතිය හරස් වෙයි…

colombotoday