Colombo Today Local News

මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරාගත් නාවික හමුදාවේ දැවැන්ත මෙහෙයුම (Photo)

කෝකිලායි, කොක්කතුඩුවායි වෙරළේ සිට නාවික සැතපුම් 8ක් පමණ දුරකදී සැඩ පහරට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරාගැනීමට ඊයේ උදෑසන නාවික හමුදාව සමත්ව තිබෙනවා.

මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් මෙම අලියා ගසාගෙන යන බව පළමුවෙන්ම නිරීක්ෂණය කර ඇත. පසුව ඒ සඳහා මුර සංචාරයේ නියුතු තවත් වේග ප්‍රහාරක යාත්‍රාවක් සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් කණ්ඩායමක් ද කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. තවද, සෙඩ්රික් යාත්‍රා 2 ක් මගින් ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයට අයත් නාවිකයන් 7 දෙනෙකු අලියා බේරා ගැනීමේ මෙහෙයුම සඳහා අනුයුක්ත කිරීමට ද කටයුතු කෙරිණි.

මෙම කර්තව්‍ය සඳහා වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද එක්වී ඇති අතර, ඔවුන්ගේ උපදෙස් මත නාවික හමුදාව විසින් අලියා බේරා ගැනීමේ මෙහෙයුම් සිදු කරන ලදී. ඒ අනුව ඔවුන් දැඩි පරිශ්‍රමයක් දරමින් අලියාට උපද්‍රවයක් සිදු නොවන ලෙස කඹ යොදා ගෙන එම ගැඹුරු මුහුදේ සිට නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර ඇත. අලියා පුල්මුඩේ, යාන්ඔය ප්‍රදේශයට රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා වන ජීවී නිලධාරීන් වෙත භාර දීමට ද කටයුතු කර ඇත

Related posts

මුහුණු ආවරණ නොපැලදී 238 ක් අත්අඩංගුවට

colombotoday

අගමැති පිටව යයි.. හිටපු අගමැති තවමත් පාර්ලිමේන්තුවේ…

colombotoday

රිෂාඩ් බදුර්දින්ගේ යටි මඩි, මෙගා ඩීල් එළියට.. ජනතා මුදල් කෝටි ගණනකට ඇරපු හැටි මෙන්න

colombotoday

යුද අධිකරණය පවත්වා හමුදාවට දඩුවම් දෙනු… සංහිදියාව පසුව හදමු

colombotoday

ගුරුකන්ද විහාරස්ථානය ගැන දුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවයි

colombotoday

පකිස්තානයේ සිරවී සිටි සිසුන් 113ක් ලංකාවට

colombotoday