Colombo Today Local News

දේවාලයට ගිය අයෙක් කපුවාගේ පහරකෑමෙන් මරුට – කාන්තාවක් රෝහලේ

වාකරේ මාන්කේනි ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යනු ලබන කපුවෙකු විසින් සිදුකළ බව කියන පහරදීමකින් පුද්ගලයකු මිය ගොස් තවත් කාන්තාවක තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇතැයි වාකරේ පොලිසිය පවසයි.

මෙසේ පහර කෑමට ලක්ව මියගොස් ඇත්තේ පූනානි ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

වාකරේ මාන්කේනි ප්‍රදේශයේ කාන්තාවක පහර කෑමට ලක්ව මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති බවටත් ඇය සමග සිටි ඇගේ සහෝදරයා පිළිබඳ කිසිම තොරතුරක් නොමැති බවට ලද පණිවිඩයක් මත පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

පොලිසිය විසින් සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ රෝහල්ගතව සිටින කාන්තාව සහ ඇගේ සහෝදරයා මාන්කේනි ප්‍රදේශයේ දේවාලයකට ඉකුත් (6) වැනිදා පැමිණ ඇති බවත් එහිදී දේවාලය පවත්වාගෙන යනු ලබන කපුවා සමග ඇතිවූ බහින්බස්වීමකදී මෙම පහරදීම සිදුවී ඇති බවත් ය.

Related posts

අරණායක කන්ද යලිත් නාය යයි – හමුදාව ආරක්ෂක ස්ථාන කරා කැදවේ

colombotoday

මා මරාදැමීමට තැත් කල දූෂිතයන් සමග තවත් ආණ්ඩු බෑ – ජනපති කියයි

colombotoday

ඔළුවට යකඩ ඉන්නකින් ඇන පුතෙකු මව මරා දාලා..

colombotoday

රටපුරා මහ වැසි, තද සුළං… කාලගුණය පිළිබඳ “රතු නිවේදනයක්” නිකුත් කරයි

colombotoday

දේශපාලන වියවුල මැද ඩොලරය පිම්මේ නගී… ඉතිහාසයේ වැඩිම අගය අද වාර්තා කරයි…

colombotoday

සෆාරි උද්‍යානයේ රෑට රෑට සත්තු මරා මස් විකුණීමේ ජාවාරමක්

colombotoday