Colombo Today Local News

ඔළුවට යකඩ ඉන්නකින් ඇන පුතෙකු මව මරා දාලා..

මේ අතර ගොකරැල්ල පොලිස් වසමේ රබර්වත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවක් ව සිය පුතා විසින් ඝාතනය කර තිබේ.

එම කාන්තාවගේ ඔළුවට යකඩ ඉන්නකින් ඇන එම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම ඝාතනය සිදුකළ මියගිය කාන්තාවගේ පුතා මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බව පොලීසිය සඳහන් කරයි.

ඊයේ උදෑසන කාලයේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, 65 හැවිරිදි දෙහෙල්ගමුව, ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගොකරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

සියලුම වර්ගයේ ඉන්ධන මිල රු.100කින් අඩු කළ හැකියි – සමගි ඒකාබද්ධ වෘත්තිය සමිතිය කියයි

Admin

ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටීමෙන් අයෙක් ජීවිතක්ෂයට

Admin

රථවාහන දඩ මුදල් වැඩි කෙරේ

colombotoday

ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු හෙරොයින් සමග අත්අඩංගුවට

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යළි වැඩ ආරම්භයි

colombotoday

කොවිඩ් මළ සිරුරු රැස්කිරීම නීතියට පටහැනියි. අපි නඩුමගට යනවා. පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියයි.

colombotoday