Colombo Today Local News

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ජුනි පළමු වැනිදා ඇරඹෙයි..

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ලබන ජුනි මස පළමුවැනිදා ආරම්භ කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කරන්නේ, නවීනතම දොඹකර 06ක් මගින් බහාලුම් මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන බවයි.

මේ වනවිට නැගෙනහිර පර්යෙන්තයේ ඉදිකිරීම්වලින් 80% ක් පමණ අවසන් වී ඇති බව ඔහු පවසයි.

ඉදිකිරීම් සඳහා වැය කෙරෙන මුදල අමෙරිකා ඩොලර් මිලියන 825 කි.

නැගෙනහිර පර්යෙන්තයේ බහාලුම් මෙහෙයුම් ධාරිතාව වාර්ෂිකව ලක්ෂ 20ක් බව ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

කෝටි 23ක කොකේන් කටුනායකදී රේගුව අල්ලයි

Admin

ශ්‍රී ලංකා ජාතික කොඩියේ වෙනසක් විය යුතුයි – TNA මන්ත්‍රී කියයි

colombotoday

RMV සතියට දවස් දෙකක් වැඩ නෑ

colombotoday

ලෝක ඒඩ්ස් දිනය අද.. ගෙවුණු මාස 10තුළ HIV ආසාදිතයින් 485ක් හදුනා ගනී

Admin

හවුල කැඩි හලාවත නගර සභා අයවැය පරදී

colombotoday

බිලියන 15කට අධික සීනි වංචාව ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්

colombotoday