Colombo Today Local News

ශ්‍රී ලංකා ජාතික කොඩියේ වෙනසක් විය යුතුයි – TNA මන්ත්‍රී කියයි

රටම පිළිගෙන ඇති ජාතික ධජයට ගෞරව කිරීම හා පිළිගැනීම සියලු දෙනාගේම වගකීමක් හා යුතුකමක් වුවත් ශ්‍රී ලංකා ධජයේ වෙනස්කම් සිදුවිය යුතුයි යන්න තමාගේ ස්ථාවරය බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පවසයි.

එමෙන්ම ජාතික කොඩිය ගැන විවේචන ඇතත් එය පිළිනොගෙන සිටිය නොහැකි බව පෙන්වා දුන් සිද්ධාර්ථන් මහතා එම ධජය පිළිගැනීම හෝ නොපිළිගැනීම එකිනෙකාගේ කැමැත්ත බවද සඳහන් කළේය.

වව්නියාව සිංහල විද්‍යාලයේ පැවති උත්සවයකදී උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේෂ්වරන් මහතා ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180 දක්වා ඉහළට

colombotoday

නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථාන ගැන සියලු තොරතුරු ජනපති මහින්දටත් සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාලටත් දුන්නා

colombotoday

ගිය ආණ්ඩුවේ අයවැයට වඩා මේ අයවැය සාර්ථකයි.. අපි අත් ඔස්වනවා ! – මහින්ද අමරවීර

colombotoday

ලිට්‍රෝ ලැබූ ලාභයෙන් කෝටි 150ක් මහා භාණ්ඩාගාරයට දෙයි

Admin

හිටපු ජනපතිට තනතුරක් ?

colombotoday

ශ්‍රවණාබාධිතයින්ටත් රියදුරු බලපත්‍ර

Admin