Colombo Today Local News

මා මරාදැමීමට තැත් කල දූෂිතයන් සමග තවත් ආණ්ඩු බෑ – ජනපති කියයි

2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව තමා ජනාධිපති ධූරයට පත් කරගත්තේ ඉතා පිරිසිදු රාජ්‍ය පාලනයක් උදෙසා බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ උදෙසා ඉතාමත් සද්භාවයෙන් නිවැරදි ගමනක් යාමට සූදානම් වුව ද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්කර මාස තුනක් යනවිට සිදුවූ මහා මංකොල්ලය වන මහ බැංකු මූල්‍ය වංචාව එම ගමන අඩාල කළ බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ විදෙස් මාධ්‍යවේදීන් හමුවෙමින් ප්‍රකාශ කළේය.

දිගින් දිගටම සිදුවූ අක්‍රමිකතාවන් මෙන්ම හිටපු අගමැතිවරයාගේ අදුරදර්ශී සහ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත හේතුවෙන් අගමැතිවරයා වෙනස් කර රටත්, ජනතාවත් වෙනුවෙන් සුබවාදී ගමනක් යාමේ නව මාවතක් තෝරා ගැනීමට තමාට සිදුවූ බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

තමන් ඝාතනය කිරීමට උත්සාහ දැරූ දූෂිතයන් සමඟ තවදුරටත් ආණ්ඩු කිරීමට නම් තමන් රට වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් අපේක්ෂා ඉටු කර ගැනීමට වෙර දරන දූෂිත දේශපාලනඥයකු විය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා තම දේශපාලන ප්‍රතිපත්තිය එය නොවන අතර, දැඩි ලෙසම දූෂණයට විරුද්ධ තමන් නිරන්තරයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන අයෙක් බව ද ප්‍රකාශ කළේය.

Related posts

අරාබි වෙස්ගෙන ජනපතිට කිට්ටු කළ අභිරහස් පුද්ගලයා ගැන විස්තරේ මෙන්න

colombotoday

ෆවුසි ශ්‍රීලනිප මන්ත්‍රී ධුරයෙන් නෙරපයි !

colombotoday

ලක් ඉතිහාසයේ දරුණුතම හමුදා පාවාදීම සූදානම්.. හමුදාව දඩයම් කිරීමේ විධිවිධාන සහිත පනතක් පාර්ලිමේන්තුවට !

colombotoday

පාසල් 122ක විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමකින් කුඩු විකුණූ 75ක් අත්අඩංගුවට..

Admin

වෙසක් වන්දනාවේ එන මෝදි වතුකරයේ සංචාරයක

colombotoday

ලංගමට සුඛෝපභෝගී බස් 200ක් මිල දී ගන්න කැබිනට් අනුමැතිය

colombotoday