Colombo Today Local News

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට පවසා දුරකථන ඇමතුම් දී මුදල් ලබා ගැනීමේ ජාවාරමක් ගැන පැමිණිලි 50ක්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව පවසමින් ඒ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන නොපැවැත්වීම සඳහා දුරකථන ඇමතුම් දී පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, උසස් පොලිස් නිලධාරීන්ගේ නම්වලින් පෙනී සිටිමින් එක්තරා කණ්ඩායමක් නිවෙස්වල ස්ථාවර දුරකථනවලට ඇමතුම් ලබාදෙන පුද්ගලයින් බියවද්දා මෙම ජාවාරම මෙහෙයවන බවයි.

ඒ සම්බන්ධයෙන් පැමිණිලි 50 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

අදාළ පුද්ගලයින් CID යට නොකැඳවා සිටීමට නම්, බැංකු ගිණුම්වලට මුදල් බැර කරන ලෙස දන්වමින් ගිණුම් අංක ලබා දී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

Related posts

අමල් ඇතුළු 18ක් කොකේන් පාවිච්චි කරලා… තවත් 8ක් ළග කොකේන් තිබිලා – ඩුබායි පොලිසිය තහවුරු කරයි

colombotoday

සඟවා තිබූ සැමන් ටින් 1800 පාරිභෝගික සේවා අධිකාරිය සොයාගනී

colombotoday

දේවස්ථානයට අගෞරවයක් කියා අහලකවත් බුදු පිළිම නොතබන්නැයි විරෝධතා !

colombotoday

රැකියා කළ හැකි අවම වයස් සීමාව වෙනස් වේ

colombotoday

නිධන් සොයා කැණීමක් කල 5ක් අත්අඩංගුවේ

Admin

ජනාධිපති බැදුම්කර කොමිෂන් සභා වාර්තාව දැන් අන්තර්ජාලයේ

colombotoday