Colombo Today Local News

12 පංතියේ සිසුවා 11 සිසුවාට පිහියෙන් ඇන රෝහලේ…

කරන්දෙණිය ප්‍රධාන පාසලක සිසුවකුට එම පාසලේම සිසුවකු පිහියකින් ඇන තුවාල ලබා රෝහල් ගත කළ බව කරන්දෙණිය පොලීසිය පවසයි.

මෙම පිහි ඇණුමෙන් තුවාල ලබා රෝහල් ගත කොට ඇත්තේ එම පාසලේ එකොළොස් වැනි වසරේ සිසුවෙකු බව ද පොලීසිය කියයි. පිහි ඇනුම සිදු කොට ඇත්තේ එම විදුහලේම දොළොස් වැනි වසරේ සිසුවෙකි.

මෙම පිහි ඇනුමෙන් තුවාල ලැබූ සිසුවා ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය කියයි.

පිහි ඇනුම සිදු කළ සිසුවා සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කරයි.

Related posts

වගා හානි කරන දඬුලේනා ජාතික සත්වයාගෙන් ඉවත් කරන්න යයි

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ලක්ෂයක් මෙරටට

colombotoday

‘අලුත් පරපුරේ සමනලී‘ දාගැබ්වල කුණු පුරවන්න කියයි.. හෙළ උරුමය පොලීසි යයි

colombotoday

ඥාණසාර හිමි ඉන්නා තැන ගැන හිටපු ඇමතිගෙන් පොලීසියට ඔත්තුවක් !

colombotoday

සමයංගේ ගෝලයෙක් හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

“ඉදිරි කාලයේ දී පොහොර මිල අඩුවෙයි.” – ජානක වක්කුඹුර

colombotoday