Colombo Today Local News

IMF දෙවැනි වාරිකය ලැබීම ආයෝජකයන්ට ධනාත්මක පණිවිඩයක් – මුදල් රාජ්‍ය ඇමති කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය ලැබීම දේශීය සහ විදේශීය ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථිකය පිළිබඳ සුබවාදී පණිවිඩයක් ලබා දෙනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

දූෂණ මර්දනය, මූල්‍ය විනය පවත්වාගෙන යාම, විනිවිදභාවය ඇති කිරීම ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගෙන තිබීම ඊට හේතුව බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය පහසුකමේ දෙවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක පමණ මුදලක් ලැබීමට නියමිත බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පළ කළ අදහස් ඇතුළත් නිවේදනය පහතින් කියවිය හැකියි.

Related posts

උඩුදුම්බර කාශ්‍යප හිමියන් ආරම්භ කල උපවාසය අවසන්

colombotoday

සමෘද්ධි ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලයින් හදුනා ගෙන නුසුදුසුන් ඉවත් කළ යුතුයි – ජනපති

Admin

සුප්‍රසිද්ධ හිමිවරුන්ගේ නම් විකුණා අසේල සම්පත් PICK Me ආයතනයෙන් ලක්ෂ දහයක කප්පමක් ඉල්ලයි.

colombotoday

“අපිව නවත්තන්න කාටවත් බෑ.. අර්ජුන් මහේන්ද්‍රන් හිරේ ඇරලයි පස්ස බලන්නෙ” – හදුන්නෙත්ති

colombotoday

කොළඹ 13 ජින්තුපිටියේ ආසාදිතයාගේ පවුලේ කිසිවෙකුට කොරෝනා නෑ

colombotoday

හාල් පොල් ගැටළුවට ආණ්ඩුවට විසඳුම් නෑ

Admin