Colombo Today Local News

ශිවාජිලිංගම් 51 බලසේනා මූලස්ථානය ඉදිරිපිට මියගිය කොටි සමරයි…

යාපනය කෝපායි 51 වන යුද හමුදා බලසේනා මූලස්ථානට ආසන්නයේදී අදට යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා ඇතුලු පිරිසක් විසින් පූර්ණ ආරක්ෂක අංශ නිරීක්ෂණයන් මැද මහවිරු සැමරීම සිදු කරනු ලැබීය.

කෝපායිහි පිහිටි මහවිරු සැමරුම සිදු කරන ස්ථානයේ අලංකාර කරන ලද කොඩිවැල් වලින් සරසා තිබුනු අතර එම ස්ථානයට පැමිණි සිවාජිලිංගම් ඇතුලු පිරිසක් විසින් මහවිරු සැමරුම සිහිපත් කොට යුද්දයෙන් මිය ගිය කොටින් සිහිපත් කර පහන් දැල්වීම සිදු කරනු ලැබීය.

මේ අතර අදාළ මහවිරු සැමරුම් නීතිවිරෝධී අයුරින් කොටි සංවිධානයට අයත් නිලඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් මෙන්ම පුද්ගලයෙකුගේ රුවක් ඇතැතිව සමරනු ලබන්නේනම් නීතිය ක්‍රියාත්මක කිරීමට යාපනය පොලීසිය හා යුද හමුදා නිලධාරීන් විසින් පරික්ෂාවන්හි නිරත වූහ.

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් පිරිසක් උද්ඝෝෂණයක්

Admin

පූගොඩ OIC ට පොලු පහරක්

colombotoday

2020 දී ‍පොදු අපේක්ෂකයා වෙන්න මම සූදානම් – රාජිත සේනාරත්න

colombotoday

තැපැල් මගින් ඖෂධ ලබාදීම යළිත් අරඹයි

colombotoday

මහේෂ් සේනානායක හදිසියේ රෝහල්ගත කරයි !

colombotoday

මෙරටට එවන සෑම ඩොලරයකටම රු. 38ක දිරි දීමනාවක්

colombotoday