Colombo Today Local News

යහපාලන TOP 10 තුන්වෙනියා හෙළිවෙයි.. වංචාව මිලියන 1000යි !

232632-63232මහපොළ භාරකාර අරමුදලින් රුපියල් මිලියන 1000ක (බිලියන එකක්) මුදලක් වංචාකිරීමේ සිද්ධියක් සම්බන්ධව සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒකාබද්ධ විපක්ෂය අද (23දා) පැමිණිලි ඉදිරිපත් කළේය.

මීට පෙර වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පැවැති මහපොළ භාරකාර අරමුදල සංවර්ධන උපාය මාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයට පවරාගෙන එම අරමුදල පරිහරණය කිරීමේ සභාපතිවරයා ලෙස වික්‍රම වීරසූරිය මහතා පත්කරගෙන තිබෙන බවත්, ඒ මහතාගේ පුතුන් දෙදෙනෙකු අධ්‍යක්ෂ ධුර දරන සමාගමකට බැඳුම්කර නිකුතුවක් මගින් මහපොළ භාරකාර අරමුදලේ මුදල් ලබාදී තිබෙන බවත් පැමිණිල්ල මගින් කරුණු සඳහන් කර තිබේ.

සිසිර ජයකොඩි, විමලවීර දිසානායක යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඒකාබද්ධ විපක්ෂය විසින් “යහපාලන ටොප් ටෙන්“ වැඩසටහන යටතේ ගොණු කරනු ලැබූ තුන්වන පැමිණිල්ල මෙයයි.

Related posts

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්

Admin

ඇමති මංගල කාදිනල්තුමාට කල අපහාසය රජයේ මතයද? – මහින්ද විමසයි

colombotoday

” පළිබෝධනාශක තහනම ඉවත් කළ ගැසට් නිවේදනය බල රහිත කරනවා “

colombotoday

මහර ගැටුම – විමර්ශන කමිටුවේ වෙනසක්

colombotoday

අපට රූකඩ වෙන්න බෑ.. හකීම් සමගි ජනබලවේගයට නායක මණ්ඩලයක් ඉල්ලයි

colombotoday

නැගෙනහිර මුස්ලිම් අන්තවාදය දරුණුයි.. මහා සංහාරයකට පෙර, පෙරට එන්න – මහ සගරුවණෙන් ජාතියට ආයාචනයක්

colombotoday