Colombo Today Local News

මහර ගැටුම – විමර්ශන කමිටුවේ වෙනසක්

මහර බන්ධනාගාරයේ සිදු වූ කලහකාරි සිද්ධිය ගැන විමර්ශන සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පත්කළ කමිටුවේ සාමාජිකයින් සංඛ්‍යාව වැඩිකර තිබේ.

පසුගියදා ඇතිවූ එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 12 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබුණි.

ඒ අනුව එම කමිටුවේ සමාජිකයින් සංඛ්‍යාව 20 දෙනෙකු දක්වා ඉහළ දැමූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම කමිටුව විසින් මේ වනවිට මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ 78ක් සටහන් කරගෙන ඇති බව සඳහන් ය.

ඉන් ප්‍රකාශ 34ක් බන්ධනාගාර නිලධාරීන්ගෙන් ද සෙසු ප්‍රකාශ බන්ධනාගාර රැඳවියන්, හෙද නිලධාරීන් සහ වෛද්‍යවරුන්ගෙන් ලබාගෙන තිබේ.

එමෙන්ම ඊයේ (04) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහර බන්ධනාගාර අධිකාරීවරයාගෙන් ද ප්‍රකාශ සටහන් කරගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

ස්විස් තානාපති නිවසේදී කටඋත්තර ගන්නයැයි උපුල් කුමාරප්පෙරුම සිදුකල ඉල්ලීම ඉවතට.

colombotoday

ජවිපෙ විරෝධය නිසා මිලියන 540ක් රටට අහිමි වෙයි

colombotoday

මුහුදු ජලයට එක් වූ තෙල්-රසායන ඉවත් කරන ක්‍රමයක් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ කියයි

colombotoday

මහින්ද අගමැති ලෙස පිලිගනිමින් කතානායකගෙන් නිවේදනයක්…

colombotoday

සිසුන් 6කගේ ජල බෝතල් වලට වස දාල

Admin

ලිට්‍රෝ ගෑස් මිල යළි ඉහළට

Admin