Colombo Today Local News

කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කරමින් එම්.වී එම්ප්‍රරස් සේන්දු වෙයි

රුපියල් මිලියන 450ක වියදමින් ඉදිකරන ලද කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කර තිබේ.

ඒ අනුව, වරායට පැමිණි පළමු මගී නෞකාවේ සිටි සංචාරකයින් සඳහා පහසුකම් සැලසීම අද (16) පෙරවරුවේ සිදු කළ බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

ඉන්දියාවේ සිට පැමිණි එම්.වී එම්ප්‍රරස් නම් අදාළ සුඛෝපභෝගී නෞකාවෙන් මගින් 800දෙනෙකු පැමිණ තිබුණි.

නව මගී පර්යන්තය තුළ මගීන් 200දෙනෙකු සඳහා එකවර පහසුකම් සැපයීමේ හැකියාව පවතින බව සඳහන් වෙයි.

සතිපතා මෙවැනි ඉන්දීය සුඛෝපභෝගී මගී නෞකාවක් සහ මගී යාත්‍රා ඉන්දියාවේ සිට කන්කසන්තුරය වරාය දක්වා ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග එක්ව සකස් කර ඇති බව ද වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

ආපදා මරණ 20 දක්වා ඉහළට… පනස්දාහක් අවතැන් කඳවුරුවල…

colombotoday

ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500ක් ගොඩබෑම අරඹයි

colombotoday

දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්ම ගැන තීරණයකට රාජ්‍ය මුදල් කාරක සභාව අද රැස්වෙයි..

Admin

යාපනය උණුසුම්.. සරසවි සිසුන් A-9 පාර වසා උද්ඝෝෂණයේ

colombotoday

2015 ජනාධිපතිවරණයට ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තාද ?

colombotoday

මත්තලින් රට යන ලාංකිකයින්ට වට්ටමක්

colombotoday