Colombo Today Local News

විල්පත්තුව ගැන මට තනි තීරණයක් ගැනීමට බෑ… ජනපති අගමැති සහ ඒ ඇමතිතුමා සමග සාකච්ඡා කළ යුතුයි

විල්පත්තු වන සංහාරය පිළිබදව තමාට තනි තීරණයක් ගැනීමට නොහැකි බවත්, ජනාධිපතිවරයා අගමැතිවරයා සහ චෝදනාවට ලක්වූ අදාල ඇමතිවරයා සමග සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවත් වනජීවී ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

එසේ සාකච්ඡා කර වරදක් සිදුව ඇත්නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා බවද හෙතෙම කියා සිටී.

ඊයේ (05) පෙරවරුවේ සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

යාල වනෝද්‍යානය තුළට මත්පැන් රැගෙන යාම අවශ්‍යය වුවහොත් තහනම් කිරීමට පියවර ගන්නා බවද ඇමතිවරයා එහිදී කියා සිටියේය.

රජයේ අසාර්ථකත්වයට දේශපාලකයින් පමණක් නොව ජනතාව ද වගකිව යුතු බවත් රජයක් ලෙස පසුගිය වසර තුන තුළ ඔවුන් අසර්තක බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Related posts

ආනයනික කරවල, හාල්මැස්සන්, පළතුරු වල බැර ලෝහ සහ ආසනික්

Admin

ඉන්දීය ආධ්‍යාත්මික දේශක ශ්‍රී රවි ශංකර් ජනපති හා හිටපු ජනපති හමුවෙයි

colombotoday

මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරාගත් නාවික හමුදාවේ දැවැන්ත මෙහෙයුම (Photo)

colombotoday

රනිල් වෙනුවෙන් රාජිත පෙරට එයි… සෞඛ්‍ය අමාත්‍යාංශය රැකගන්න දැඩි සටනක

colombotoday

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට සියලු කටයුතු සූදානම්.

colombotoday

ඩුබායි සිට රැගෙන ආ මෘත ශරීරය කෙසෙල්වත්තේ දිනුකගේ බව හඳුනාගැනේ

colombotoday