Colombo Today Local News

සුමන්තිරන්ලාගේ ප්‍රකාශවලින් එළියට එන්නේ විශ්වාසභංගය දිනාගන්න දුන් පොරොන්දු !

දෙමල ජාතික සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් මහතා මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශයක් පසුගිය දිනවල ජාතික පුවත්පත්වල වාර්තා වෙමින් තිබුන බවත්,ඉන් කියවුනේ උතුරු නැගෙනහිර මීට පසු බෞද්ධ වෙහෙර විහාර ඉදි කිරීමට ඉඩ නොදෙන බව හා එවැනි ඉදි කිරීම් වහාම තහනම් කලයුතු බවත්ය. එය රට ගිනිතියන වර්ගයේ ප්‍රකාශයක් බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා ගාල්ල හබරාදුවේ පැවති ජන හමුවක් අමතමිනි.

තව දුරටත් මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා,

අපිට මතකයි මිට දින කිහිපයකට ඉහතදී කෝකිලායි සම්බෝධි විහාරස්ථානයට හිටි ගමන් දෙමල ජාතික සන්ධානයේ පිරිසක් කඩා පැනලා ඒ විහාරස්ථානයේ අයිතිය පිලිබදව විමසුවා.ඒ වගේම මිට කාලයකට පෙර නාගදීපයේ විහාරස්ථානය,විශේෂයෙන් නාගදීපය කියල කියන්නේ බුදුන් වහන්සේ වැඩම කල පුජනිය බෞද්ධ සිද්ධස්ථානයක්. මේ විහාරස්ථානය ගැනත් දෙමල ජාතික සන්ධානය ප්‍රශ්න කරනවා.අපි අහනවා මේ අයගෙන් මේ මොකටද එන්න හදන්නේ කියලා,ඒ වගේම අපි කියනවා දෙමල ජාතික සන්ධානය ප්‍රමුඛ මේ බලවේගවලට මේ රටේ නැති ප්‍රශ්න නිර්මාණය කරන්න උත්සහ කරන්න එපා කියලා. දෙමල ජාතික සන්ධානයට මේ රටේ පවතින පුරා විද්‍යාත්මක සාධක මත ගොඩ නැගෙන දේවල් විනාශ කරන්න තහනම් කරන්න කියල කියන්න අයිතියක් නැහැ,දකුණේ කිසිම කෙනෙක් අද වන තුරු මෙවැනි ගෝත්‍රික ප්‍රකාශ කරලා නැහැ දකුණේ කෝවිල් ඉදි කරන්න එපා කියල, අපි අහනවා රජය පැත්තෙන් මේවට උත්තර නොදෙන්නේ ඇයි කියලා.බුද්ධ සාසන ඇමතිවරයාට මේ ප්‍රකාශ පිලිබදව කියන්න දෙයක් නැද්ද, ඇයි මේ ඇමතිවරු මේ දේවල් ඒ අයගේ මට්ටමින් විසදන්නේ නැතුව සාමාන්‍ය ජනතාව මේ දේවල්වලට උත්තර දෙන්න පාරට බහිනකම් ඉන්නේ, අපි කියනවා මේ ප්‍රකාශ හා දෙමල ජාතික සන්ධානයේ ක්‍රියාකාරකම් පිටුපස ඉන්නේ ආණ්ඩුව කියලා.ඇයි අපි එහෙම කියන්නේ, ආණ්ඩුවට අවශ්‍ය තමන්ගේ නොහැකියාව වසාගෙන ඉදිරි කාලය ආණ්ඩුව ඇදගෙන යන්න පුළුවන් වාතාවරණයක් රට තුල නිර්මාණය කරන්න.

අද ආණ්ඩුව හොරකමට කප් ගහලා ඉන්නේ,ඒ දේවල් ජනතාවගෙන් වසන් කරගන්න නම් ආණ්ඩුවට වෙනත් ප්‍රශ්න කෙරේ ජනතාවගේ අවධානය යොමු කරන්න අවශ්‍ය වෙනවා. ඇත්තටම මේ ආණ්ඩුව අද වෙනකොට විශාල ආර්ථික පරිහානියක් කරා රට රැගෙන ගිහිල්ලයි තියෙන්නේ, 2017 මහ බැංකු වාර්තාව නිකුත් වෙලයි තියෙන්නේ. රටේ ආර්ථික වර්ධන වේගය 2014 වෙනකොට 6.4 ක තිබුනා, දැන් බලන්න පසුග්ගිය වසර තුනක කාලයක පුරා ආර්ථික වර්ධන වේගය 4.1 දක්වා පහල වැටිලා. මේ ය පත්වෙනකොට කිව්වේ විශ්මයජනක ලෙස ආර්ථිකය හසුරවනවා කියලා. නමුත් අද වෙනකොට රටේ තත්වය හැමෝම දන්නවා. මිනිස්සුන්ට ජිවත් වෙන්න බැරි තත්වයක් තියෙන්නේ. 2017 මහ බැංකු වාර්තාවට අනුව වාර්තා වෙන්නේ ආර්ථික වර්ධන වේගය 3.1ක්. එය අවුරුදු 16කත පසුව රටේ වාර්තා වුනු අඩුම ආර්ථික වර්ධන වේගය ලෙසයි වාර්තා වෙන්නේ. අද රුපියලේ අගය ඉතා වේගයෙන් පිරිහීමට ලක්වෙලා. අද ඇමෙරිකානු ඩොලර් එකකට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය 160 දක්වා ඉහල ගිහිල්ලා.

අපි දැක්ක පසුගිය දවසේ ආණ්ඩුවේ ඉන්න ආර්ථික විද්‍යාව පිළිබද ඇමති කෙනෙක් කියනවා රුපියල පිරිහෙන එක හොදයි කියලා. මේවා හරිම මෝඩ සහ බොලද කතා, මේ වගේ අය නම් රටක ආණ්ඩුවක් මෙහෙය වන්නේ රටට දෙවියන්ගේම පිහිට තමයි. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා රටේ තියෙන ඇත්ත ප්‍රශ්න යට ගහන්න ආණ්ඩුව දෙමල සන්ධානය එක්ක එකතුවෙලා රට ගිනි තියන්නයි මේ හදන්නේ. මෙය රටේ ජනයා ඉතා හොදින් තේරුම් අරන් ඉන්නේ කියල අපි ආණ්ඩුවට අනතුරු අගවනවා, ඒ වගේම අපිට පේනවා ආණ්ඩුව නිවැරදි මාර්ගයට එන්න උනන්දුවක් නැහැ කියල. ඒ නිසා මේ ගමන ආපසු හරවන්න අපි පක්ෂයක් විදියට ගතයුතු සෑම පියවරක්ම ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා ඒ වගේම අපිට කියන්න තියෙන්නේ අපි මිට කලින් මේ රටේ ජනතාවට කිව්වා පසුගිය දවසේ අගමැතිවරයාට විරුද්ධව ගේනවා විශ්වාසභංග යෝජනාවට දෙමල ජාතික සන්ධානය සහය දෙන්නේ යම් රහස් කොන්දේසි ප්‍රමාණයක් එක්කයි කියලා. අද වෙනකොට සුමන්තිරන්ලා කරන ප්‍රකාශත් එක්ක එය සනාථ වෙනවා යනුවෙන්ද, ඒ මහතා මෙහිදී සදහන් කළේය.

මාධ්‍ය ඒකකය –

එක්සත් ජාතික නිදහස් පෙරමුණ –

Related posts

උප පොලිස් පරික්ෂකට වැව් රක්ෂිතයේ අක්කර 12ක් බිලි

colombotoday

නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා.. ජනපති නිර්දේශ කරයි…

colombotoday

ෆිෂ් තෙරපි මගින් HIV ඒඩ්ස් බෝ වීමේ අවධානමක්

colombotoday

“ඊශ්‍රායලයත් එක්ක යාලුකම් එපා! ඒවට අපි කැමති නෑ” ආණ්ඩුවේ ඊශ්‍රායල් හිතවත්කම ගැන අසාත් සාලි කෝප වෙයි.

colombotoday

දිස්ත්‍රික්ක 7ක ප්‍රා.ලේ. කොට්ඨාස 29ක නායයෑමේ අවදානමක්

Admin

“හැමෝම ජනාධිපති අගමැති වෙන සිහින වල… ඉතිං රට හැදෙයිද” – අර්ජුන

colombotoday