Colombo Today Local News

තාත්තා කරපු හැම දෙයක්ම හරි නැහැ – විපක්ෂ නායක සජිත් කියයි

රණසිංහ ප්‍රේමදාස තමාගේ පියා කරපු හැම දෙයක්ම නිවැරැදි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද(8)දින පැවසීය.

තමා පියා කරපු හැම දෙයක්ම අනුගමනය කරන පුතකු නොවේ යැයිද ඔහු සඳහන් කළේය.

රණසිංහ ප්‍රේමදාස තමාගේ පියා කළ හොඳ දේවල් වැදගත් වැඩසටහන් ඉදිරියට ගෙන යන බව පැවසූ විපක්ෂනායකවරයා අඩුපාඩුකම් බැහැර කරන බවද ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය.

මම දන්නෙ නෑ ඔබතුමාගේ පුතා ඔබතුමා කරන හැම දෙයක්ම කරනවද කියලා. මම නම් එහෙම කරන්නේ නැහැ. මම ස්වාධීන පුද්ගලයෙක්. මට ස්වාධීන හිතක් ස්වාධීන මනසක් තියනවා. මගේම හදවතක් හෘද හෘදසාක්ෂියක් තියෙනවා. පාසල් දරුවන්ට දිවා ආහාරය දීම රණසිංහ ප්‍රේමදාස දිවංගත මගේ පියා කරපු හොඳ වැඩක්. ඔබතුමා මගේ පියා වෘත්තිය සමිති නායකයන්ට කරපු දෙයක් කිව්වා. ඔබතුමා කියන්නේ එතකොට මමත් යන්න ඕන ඒ පාරේද. ඒකද කියන්නේ.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා:

ඔබතුමා කැමති පාරක යන්න. අපිට ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ හරි පාරේ යන්න කියලයි.

Related posts

දුම්රිය දෙපාර්තමේන්තුවට බිලියන 10 ක පාඩුවක්

colombotoday

ශ්‍රීලනිප කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වය දයාසිරිට…

colombotoday

නෝර්වේ මිතුරා දැන් උතුරේ.. විග්නේෂ්වරන්, සම්බන්ධන් සමග සංහිදියා සාකච්ඡා

colombotoday

අගමැති, ජනපතිට අවි අමෝරයි !

colombotoday

කාණු ‍හෝදන්න දාන්න හමුදාව ‘සක්කිලියන්’ නොවන වග ජාතිවාදී විග්නේෂ්වරන් දැනගත යුතුයි – ඕමල්පේ සෝභිත හිමි

colombotoday

මිල වැඩි නොකර කිරිපිටි ආනයනය කරන්න බැසිල්ට පවරයි

colombotoday