Colombo Today Local News

කාණු ‍හෝදන්න දාන්න හමුදාව ‘සක්කිලියන්’ නොවන වග ජාතිවාදී විග්නේෂ්වරන් දැනගත යුතුයි – ඕමල්පේ සෝභිත හිමි

sobhitha himiඋතුරු පළාත් මහ ඇමති විග්නේශ්වරන් මහතා අඩුම තරමේ දිනකට තුන් වතාවක්‌ හෝ අපගේ ආරක්‍ෂක හමුදාවන්ට වැඳ නමස්‌කාර කළ යුතුව ඇතැයි ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (27වැනිදා)පැවසූහ.

විග්නේශ්වරන් මහතාගේ ජීවිතය රැකුණේත් මහ ඇමැතිකම හිමිවූයේත් අපගේ රණවිරුවන් කොටි ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීම නිසා බව උන්වහන්සේ කීහ.

එසේ තිබියදී උතුරු මහ ඇමැතිවරයා අපගේ ආරක්‍ෂක හමුදා එම පළාතේ කාණු සේදීම සඳහා යෙදවිය යුතු බව ප්‍රකාශ කිරීම ඔහුගේ ජාතිවාදයේ තරම පෙන්නුම් කිරීමක්‌ බවත් ඔහුට අවශ්‍යව ඇත්තේ හමුදාව සමච්චලයට, උපහාසයට හා අපහාසයට ලක්‌කිරීමට බවත් ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

සෝභිත හිමියෝ වැඩිදුරටත් මෙසේ ද පැවසූහ.

උතුරු පළාතේ කාණු, ඇළ මාර්ග සුද්ද කරන්න අපගේ හමුදාව යෙදවිය යුතු බවට එම පළාත් මහ ඇමැති සඳහන් කරන්නේ ඔවුන් අපහාසට ලක්‌කිරීමටයි. කුල ගෝත්‍රවාදය තදින්ම ඉහ වහා ගිය දෙමළ හින්දු සමාජය තුළ කාණු සෝදන්නේ අන්තිම පහත් කුලහීනයන්. ඔවුන් සක්‌කිලි කුලයේ අයයි කාණු සෝදන්න යොදවන්නේ. මේ කරන්න යන්නේ අපගේ හමුදාවන්ට බරපතළ අපහාසයක්‌.

අපගේ හමුදාව මෙම කටයුතු කරන්න කලින් මෙම කටයුතු කවුරුන් හෝ සිදුකර තිබෙනව නේ. මහ ඇමැතිවරයාගේ මෙම වුවමනාවෙන් බලාපොරොත්තු වන්නේ ජන සමාජයේ අත්‍යවශ්‍ය වුවමනාවක්‌ පිරිමසාගැනීම නොවෙයි. ඔහුට අවශ්‍ය අපේ හමුදාව සමච්චලයට ලක්‌කිරීමයි.

– දිවයින

Related posts

“අන්තවාදීන්ගේ සහය අපට එපා” – තවත් කුමන්ත්‍රණයක් හාන්සියි

colombotoday

අදත් පැයක විදුලි කප්පාදුවක්

colombotoday

ICBT කැම්පස් එක දෙන හොර HND සහතිකය – විශේෂ හෙළිදරව්ව මෙන්න

colombotoday

අගමැති අද ජාතිය අමතයි

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 18 සිට දින 20කට වැසේ…

Admin

කණු පෙරළුවේ බමන මතින් බව සනාථයි.. අධිකරණ වෛද්‍ය වාර්තාව සහතික කරයි

colombotoday