Colombo Today Local News

ICBT කැම්පස් එක දෙන හොර HND සහතිකය – විශේෂ හෙළිදරව්ව මෙන්න

බම්බලපිටිය ප්‍රධාන කාර්යාලය පිහිටි ICBT කැම්පස් ආයතනය ව්‍යාජ HND සහතිකයක් නිකුත්කරමින් සිටින බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසනවා.

HND පාඨමාලා පැවැත්වීම සඳහා මෙම ආයතනය සඳහා ද්විතීය හා වෘතිය අධ්‍යාපන කොමිෂන් සභාව කිසිදු අවසරයක් ලබා නොදී ඇති බවත් එම සහතික සඳහා කොමිෂන් සභාව අනු අත්සන තබන්නේ නැති බවත් විතානගේ මහතා වෙත එම කොමිසම දන්වා ඇත.

ICBT ආයතනය විසින් පවත්වන HND පාඨමාලාව කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලය අධීක්ෂණය කරන බව පැවසුවද මෙම විෂය නිර්දේශ එම විශ්වවිද්‍යාලයේ නොමැති බැවින් අධීක්ෂණය කිරීමට ඔවුන්ට කිසිදු බලයක් නැති බවත් Colombo Today වෙත රංජිත් විතානගේ මහතා ප්‍රකාශ කර සිටියා.

HND පාඨමාලාව මගින් මේ රටේ විශාල සිසුන් සංක්‍යාවක් මුලා කර ඇති බැවින් ICBT ආයතනය වෙත නිකුත් කර ඇති ලියාපදිංචිය වහාම අවලංගු කරන මෙන් තමන් රජයෙන් ඉල්ලා සිටින බවත් මෙහිදී රංජිත් විතානගේ මහතා පැවසීය.

ICBT ආයතනයේ අලවි අධ්‍යක්ෂක අනුර ගමගේ නමැත්ත විසින් සිදු කල ලිංගික අඩත්තේට්ටම් කිරීමක් සම්බන්දයෙන් බම්බලපිටිය පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වා ඇති බවත් තවදුරටත් ඔහු එම තනතුර දරන අවස්ථාවක මෙම ආයතනයට දරුවන් යැවිය හැකිදැයි ප්‍රශ්නයක් මතුවන බවත් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් මීට ඉහතදී පළකර ඇති පුවත්…

Related posts

රෝහල් 55 කට සුළු සේවා පාලක පත්වීම් 108 ක්

colombotoday

2020 දී විධායක අගමැති මෛත්‍රී?

colombotoday

ඊබ්‍රහිම්ගේ කුළුබඩු ව්‍යාපාරයෙන් සහ තඹ කර්මාන්ත ශාලාවෙන් ඉපයූ බිලියන ගණනක් සහරාන්ගේ ත්‍රස්ත කල්ලියට දීලා

colombotoday

‘මේ සතිය තුළ කොවීඩ් එන්නත නොදුන්නොත් බස් දුවන්නේ නෑ’

colombotoday

කවුරු කොතන කොහොම කීවත් මම ඉන්නකම් විදේශ අධිකරණයකට ඇඟිලි ගැසීමට දෙන්නෙ නැහැ

colombotoday

ඇඳිරි නීතිය නොදැමූ ප්‍රදේශ 16 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වෙයි

colombotoday