Colombo Today Local News

දුම්රිය දෙපාර්තමේන්තුවට බිලියන 10 ක පාඩුවක්

දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය 2021 වසරේ රුපියල් බිලියන 10 ක් හෙවත් රුපියල් කෝටි 1000 ක පාඩුවක් ලබා ඇතැයි දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පසුගිය වසරේ වියදම රුපියල් බිලියන 14 ක් හෙවත් රුපියල් කෝටි 1400 ක් වුවද ආදායම බිලියන හතරක් හෙවත් රුපියල් කෝටි 400 පමණ වී ඇති බව කී සාමාන්‍යාධිකාරීවරයා දුම්රිය ගාස්තු වැඩි කිරීමකින් තොරව පාඩු පිළිබඳ කතා කිරීම එතරම් සාධාරණ ක්‍රියාවලියක් නොවන බව ද සඳහන් කරයි.

දුම්රිය දෙපාර්තුමේන්තුව මීට පෙර වසරවලදී රුපියල් බිලියන 8 ක පමණ ආදායමක් ලැබූ බවත් කොරෝනා තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ ආදායම අඩුවී ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා පවසයි.

බස් ගාස්තු වරින් වර ඉහළ දැමූව ද 2018 වසරේ ඉතා සුළු ප්‍රමාණයකින් දුම්රිය ගාස්තු ඉහළ දැමීමෙන් පසු මේ දක්වා දුම්රිය ගාස්තු ඉහළ දමා නොමැති බවත් බස් ගාස්තු සහ දුම්රිය ගාස්තු සමාන කළහොත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ලාභ සහ අලාභ පිළිබඳ කතා කිරීමට සූදානම් බවත් දුම්රිය සේවාවක් ලෙස පවත්වාගෙන යන්නේ නම් ලාභ හෝ අලාභ පිළිබඳ කතා කිරීමේ ප්‍රයෝජනයක් නොමැති බවත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ආසියාවේ ලොකුම මූල්‍ය වංචාව හෙළිවී තිබියදීත් ‘විගණන පනත‘ සම්මත කරගැනීම අගමැති කරඅරී !

colombotoday

කැස්බෑ බිත්තර 90ක් වෙරළින් ගොඩ ගත් සැකකරුවන් 9දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ගාල්ල කටුගොඩ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා

colombotoday

කෝප් සහ කෝපා කමිටුවට නම් කළ සාමාජිකයින් මෙන්න

colombotoday

තෙවරපෙරුම සැප්තැම්බර් 16 දක්වා රිමාන්ඩ්

colombotoday

කුරුණෑගල ගොඩනැගිල්ල කඩාදැමීම ගැන පරීක්ෂණ විධිමත් කරන ලෙස නීතිපතිගෙන් උපදෙස්

colombotoday