Colombo Today Local News

මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනය අවුරුදු 150කට බංග්ලාදේශයට !!

මහඉලුප්පල්ලම ක්‍ෂේත්‍ර භෝග පරීක්‍ෂණ ආයතනය බංග්ලාදේශයේ පෞද්ගලික සමාගමකට වසර 150 කට බදු දීමට රජය සැලසුම් කර ඇත.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමේ කෙටුම්පත මේ වන විටත් සකසා ඇති අතර මහඉලුප්පල්ලම ක්‍ෂේත්‍ර භෝග පරීක්‍ෂණ ආයතනය සහ ඊට අයත් ඉඩම් හා යන්ත්‍ර සූත්‍ර වසර 150 ක බදු කාලයකට මෙසේ ලබාදීමට නියමිතය.

මෙම බදුදීම සිදුකරනු ලබන්නේ බංග්ලාදේශයේ ”ලාල්ටීය සීඩ්” නැමති පුද්ගලික සමාගමටය.

දැනට ශ්‍රී ලංකාවේ බීජ අවශ්‍යතාවෙන් සියයට අනූවක්‌ සපයනු ලබන්නේ දේශීය පෞද්ගලික ආයතන වන අතර එවැනි දේශීය ආයතන මේ පිළිබඳ කිසිත් දැනුවත් නොකර මෙම දීර්ඝකාලීන බදු දීම සිදුකරන බව සමස්‌ත ලංකා බීජ නිෂ්පාදන සංගමයේ සභාපති ඩබ්ලිව්. එම්. තිලකරත්න මහතා පැවැසීය.

– දිවයින

Related posts

මුල්ලිවයික්කාල් සැමරුමට ගිය අයට හමුදාවෙන් සිසිල් බීම දන්සලක්….

colombotoday

ඩිපෝ කිහිපයක ලංගම බස් වර්ජනයක්

Admin

ඥානසාර හිමි යලි බන්ධනාගාරය වෙත රැගෙන ගිය අයුරු. – Video

colombotoday

ගෙලෙහි කැපුම් තුවාල සහිත මළ සිරුරක් මහ පාරේ

Admin

ලන්ඩන් කොටි රැළ ඉදිරියේ දේශයේ අභිමානය පෙන්වූ අභිත නිලධාරියා.. (Video)

colombotoday

“කසල අදින්න හමුදා සාමාජිකයන් දෙන්නේ නෑ“ – හමුදාවෙන් ප්‍රකාශයක්

colombotoday