Colombo Today Local News

පොලිසියයි, රාජ්‍ය මාධ්‍යයයි ඉස්සරහ තියාගෙන තෙල් සේවකයන්ට පහරදුන් මන්ත්‍රීගේ ගෝලයෝ (Photo)

ඊයේ (26) දා පැවති කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ ඇතිවූ උණුසුම්කාරී අවස්ථාවේ ඛණිජතෙල් සංස්ථාවේ සේවකයන්ට පොලු මුගුරු අතැතිව පහර දුන් මැරයන්ගේ ඡායාරූප සමාජ ජාලාවල පලවී තිබෙනවා.

බොහෝ දෙනෙකු අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම පුද්ගලයන් කොලොන්නාව ප්‍රදේශයේ මැර ක්‍රියාවලට සම්බන්ධ අයවලුන් බවයි. මොවුන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර්ගේ ආධාරකරුවන් බවටද අදහස් පලවී තිබුණා.

ජාතික සම්පත් විජාතිකකරණයට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදුණු ඛණිජතෙල් සංස්ථා සේවකයන්ට මැරයන් ලවා පහරදීමත්, පොලීසිය නිහඩව සිටීමත්, ඔවුන්ට රාජ්‍ය මාධ්‍යයේද අනුග්‍රහය ලබා දී තිබීමත් ඉතාම පිළිකුල්සහගත කටයුත්තක් බවටයි සමාජජාලා ඔස්සේ අදහස් දක්වමින් බොහෝ දෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ.

අප වෙත ලැබුණු ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් ද තහවුරු වූයේ මෙම පුද්ගලයන් අදාල මන්ත්‍රීවරයාගේ මැතිවරණ කටයුතුවලදීද සමීපව කටයුතු කළ පුද්ගලයන් බවයි.

Related posts

වියට්නාමයෙන් ආ සැනින් අගමැති මීතොටමුල්ලට.. කුණු කන්ද ඉවත් කිරීමට පොරොන්දු

colombotoday

බුද්ධි අංශවල කනෙන් රිංගා ලංකාවෙන් ගිය තවත් ISIS ත්‍රස්තයෙක් සිරියා සටන් බිමේ!

colombotoday

කාලි ආරූඪ වී වෛද්‍යවරයෙකුට පහර දුන් ධම්මික බණ්ඩාරට පොලිසියේදී සිදු වූ දේ

colombotoday

පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ

colombotoday

මැනිං වෙළඳපොළ පෑලියගොඩ රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ලට

colombotoday

“ත්‍රස්තවාදය ඉවර නෑ.. දැන් ත්‍රස්තවාදීන් අන්තර්ජාලයේ වෙබ් ඔස්සේ ක්‍රියාත්මකයි“ – අගමැති

colombotoday