Colombo Today Local News

පොලිස් කාර් රථයකට පහර දී කොටස් ගලවා ගිනි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට

මරදාන පොලිස් වසමේ පංචිකාවත්ත ප්‍රදේශයේදී අප්‍රේල් 9 වන දා පොලිස් කාර් රථයකට පහර දී කොටස් ගලවා ගිනි තබා අනර්ථය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18, 31 හා 46 යන වයස්වල පසුවන මාලිගාවත්ත හා කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් සිදු කර මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනො ඊයේ (19) දින අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අද (20) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Related posts

නවක සිසුන්ට පිළුණු වූ ආහාර දුන් පේරාදෙණිය සරසවියේ සිසුන් 11කට පන්ති තහනමක්..

Admin

අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන ජලාශ 37ක් වාන්මට්ටමේ

Admin

සපුගස්කන්දේ ඉන්ධන නිකුත් කිරීම අරඹයි

colombotoday

දිවුලපිටියේ මන්ත්‍රී කාර්යාලයකට පහර දී ගිනි තැබීම. – මැයව දුටුවහොත් ලඟම පොලිසියට දන්වන්න

colombotoday

“වල් අලි පිටරටට විකුණා, ඌරන් වඳුරන් හා රිලවුන් මරා දැමිය යුතුයි” – නි.ඇමති කරුණාරත්න

colombotoday

අගමැති ඉවත්කළ හැකිද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයි

colombotoday