Colombo Today Local News

හිටපු ජනපති මෛත්‍රීපාල යාපනයේ සංචාරයක

යාපනයේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29)දින යාපනය සර්ව ආගමික නායකයන් හමුවි තිබේ.

යාපනය නල්ලූර් කෝවිලට ගොස් දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා, යාපනය ශ්‍රී නාග විහාරයට හා යාපනය මොහිදීන් ජුම්මා දේවස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වි ඇත.

ආගමික වතාවත්වලින් අනතුරුව යාපනය ශ්‍රී නාගවිහාරයේ විහාරාධිපති මීගහජදුරේ සිරිවිමල නාහිමි බැහැදැකීමෙන් අනතුරුව යාපනය රදගුරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමා රදගුරු නිල නිවසේදී හමුව අතර එහිදී සාකච්ඡාවකද නිරතවි ඇත.

උතුරේ ආගමික සංහිඳියාව ශක්තිමත් කිරීම හා තවමත් නොවිසිඳුණු උතුරේ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ආගමික නායකයින් හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡා පැවැත්විණ.

යාපනය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, පොලොන්නරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක දහම් සිරිසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව ඇත.

Related posts

ශ්‍රී දළදාවට අපහාස කළ සේපාල් අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

Admin

හරක් කටාට අධිකරණ නියෝගයක්

Admin

“අනුන්ට බණ දේශනා කිරීමට පෙර තමා සුදුසු ගුණයෙහි පිහිටා සිටීම වැදගත්”

Admin

ETCA අවසන් තීන්දුවට, භල්ලා ලංකාවට !

colombotoday

ආණ්ඩුවේ සිටින ඇතමුන් අගේ ඉදන් කන කනවා, ඩිලානුත් එහෙමයි – පාලිත රංගේ බණ්ඩාර

colombotoday

ලංකාවේ ප්‍රගතිය ගැන අල් හුසේන් සතුටින් !

colombotoday