Colombo Today Local News

ලංකාවේ ප්‍රගතිය ගැන අල් හුසේන් සතුටින් !

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඇතිවෙමින් පවතින ධනාත්මක ප්‍රගතිය පිළිබඳව සතුට පළ කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන්‍ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රටේ ජනතාවගේ සියලු හිමිකම් ආරක්ෂා කෙරෙන හා තහවුරු කෙරෙන වැඩපිළිවෙළ ස්ථාවරව ඉදිරියට ගෙන යනු දැක්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අපේක්ෂාව බවයි.

ලෝක ආර්ථික සමුළුවට සහභාගීවීමට ස්ව්ට්සර්ලන්තයට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ශ්‍රී ලාංකික දූත පිරිස සමග පැවති හමුවක දී සෙයිද් රාද් අල් හුසේන් කුමරු මේ බව ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

සියලු ජනතාවගේ අයිතිවාසිකම් ව්‍යවස්ථාව මගින්ම තහවුරු කරලීම ශ්‍රී ලංකා රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී සඳහන් කර ඇත.

 

Related posts

රනිල් සජිත් ගැටුම විසදන්න මැදිහත් කරුවෙක් වෙනවා… රවුෆ් හකීම් කියයි

colombotoday

කොමිෂන් සභා සාමාජිකයන් පත් කිරීම මේ සතියේ අවසන්

Admin

දරුණු කොටින්ට නිදහස ඉල්ලා කොළඹදී අඩ නිරුවතින් උද්ඝෝෂණ (Photo)

colombotoday

උසස් පෙළ අයදුම්පත් සංශෝධන කාලය දීර්ඝ කෙරේ…

Admin

කාබනික පොහොර ගැන කින්න යුද හමුදාවත් එක්වෙයි

colombotoday

ETI සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික නාලක එදිරිසිංහ අත්අඩංගුවට

colombotoday