Colombo Today Local News

ඇස්තමේන්තුගත විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් රට තුළ ඉන්නේ 50%ක් පමණයි

ලබන වසර දෙක සඳහා ඇස්තමේන්තුගත කර ඇති විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාවෙන් මේ වනවිට රට තුළ සිටින්නේ 50%ක පමණ ප්‍රමාණයක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා සඳහන් කරන්නේ, රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව වයස අවුරුදු 60දක්වා පහත දැමීමට රජය කටයුතු කිරීම හරහා ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය වැඩි වන බවයි.

හදිසි අනතුරු අංශය සඳහා පුහුණු කර විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පත් කළ 30 දෙනෙකුගෙන් මේ වනවිට 20දෙනෙකු රට හැරගොස් ඇති බව ද එම සංගමය වැඩි දුරටත් පවසයි.

ඊට අමතරව නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 30 දෙනෙකු ද මේ වනවිටත් රට හැර ගොස් ඇත.

Related posts

‘සයින්දමරුදු වලට වෙනම නගර සභාවක් ලබාදීම අනුමත කරන්න බෑ…

colombotoday

මහින්ද අමරවීර අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

ජාතිය,ආගම මුල් කරගෙන කතා කරන්න නෛතික ඉඩක් තියන්නේ නෑ

colombotoday

වහාම මිහින්තලය පුද්බිමට ආරක්ෂාව ඉල්ලා මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Admin

අස්වැසුම අයැදුම්පත් භාරදීම අදින් අවසන්

Admin

අරාබි පාසල්වල අන්තවාදය නෑ කියා මුස්ලිම් කටයුතු ඇමති කියද්දී, ආයුද පුහුණුව දුන් අරාබි පාසලක් දුම්මලසූරියෙන් හමුවෙයි…

colombotoday