Colombo Today Local News

අරාබි පාසල්වල අන්තවාදය නෑ කියා මුස්ලිම් කටයුතු ඇමති කියද්දී, ආයුද පුහුණුව දුන් අරාබි පාසලක් දුම්මලසූරියෙන් හමුවෙයි…

දුම්මලසුරිය ජාමියා මනාරුල් හුදා පිරිමි අරාබි පාසල ඊයේ(28) ආරක්ෂක අංශ විසින් සෝදිසි කර තිබේ. එහිදි එම විද්‍යාලයේ ගොඩනැඟිල්ලක බිත්තියක කඩු දෙකක් සහිත ලාංජනයක් සඳහන් කර ඇති ආකාරයක් දක්නට ලැබුණි.

ඒ අනුව එම පාසල පරික්ෂා කිරිමේදි ජංගම දුරකථන කිහිපයක් , කාන්තා බුරුකා, එල්.ටි.ටි.ඊ ක්‍රියාකාරකම් සහිත පොත් ඇතුලු සටන් උපකරණ කිහිපයක් සොයා ගෙන තිබේ.

එමෙන්ම එම පාසල් භූමියේ පොල්ගස්වලට තියුණු ආයුධවලින් පහරදි ඇති ආකාරයක් ද ආරක්ෂක අංශවලට නිරීක්ෂණය වී ඇත.

21 එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබද මුලු මහත් සමාජයේම දෑස් මේ මොහොතේ විවර වී ඇති අතර, ඉස්ලාම් දරුවන් පොදු සමාජයෙන් වෙන් කොට ඔවුන්ට අන්වාදී විෂ පොවන අරාබි හා මද්‍රසා පාසල්වලට එරෙහිව දැඩි විරෝධයක්ද මේ වන විට ගොඩනැගෙමින් පවතී.

එම වාතාරවණය යටතේ මේරට මද්‍රසා හා අරාබි පාසල්ව නියාමනය කිරීමේ වගකීම හිමිව ඇත්තේ තමන්මුට නොව ස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයට බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇති අතර, මුස්ලිම් ආගමික කටයුතු ඇමති අබ්දුල් හලීම් පවසන්නේ මෙරට අරාබි පාසල් තුළ කිසි සේත්ම අන්තවාදී ඉගැන්වීම් සිදු නොකරන බවයි.

ඇමති වරයාගේ ප්‍රකාශයෙන් පැය 24ක් ඉක්ම යන්නටත් මත්තෙන් අන්තවාදී ඉගැන්වීම් සිදු කළ සහ ආයුධ ක්‍රියාකාරකම් සිදුවූ බවට පැවසෙන අරාබි විද්‍යාලයක් හමුවීමද විශේෂත්වයකි. මෙම තත්ත්වය යටතේ අරාබි විද්‍යාල හා මද්‍රසා වල සැබෑ තත්ත්වය මුස්ලිම් ආගමික කටයුතු ඇමතිවරයාගෙන් ඇසීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වන බවද ජාතික සංවිධාන පෙන්වා දෙති.

පාකිස්ථානයේත් තහනම් කර දැමූ මද්‍රසා ලංකාවේ ක්‍රියාත්මකයි…

1970-80 “සියා උල් හක්” ජනපති යුගය පාකිස්ථානයට ද තීරනාත්මක කාල පරිච්ඡේදයකි. ඒ අරාබි ඉස්ලාම් අන්තවාදීන්ට රිසි සේ කටයුතු කළ හැකි සියළුම මග විවර කරමින් පාකිස්ථානය මුස්ලිම් අන්තවාදයේ ගොදුරුබිමක් වීමට ඉඩකඩ සැලසුණු යුගයයි. ඒ අනුව අරාබියෙන් පැමිණි ආගමික පූජක ගුරුවරයන් හෙවත් මුල්ලාහ්වන්ගේ මූලිකත්වයෙන් ඇති කළ “මද්රසා” පාසල් ක්‍රමයෙන් ලබා දුන් මූලධර්මවාදී අන්තවාදී අධ්‍යපනය හරහා අවසානයේ බිහි වූයේ එකිනෙකා මරාගෙන මැරෙන අන්‍යාගමිකයන්ගේ ලේ දැකීමේ ආශාවෙන් පෙළෙන දැඩි මතධාරී තලේබාන්, අල්කයිදා, තව්හීද් ජමාත් වැනි බිහිසුණු ගනයේ අන්තවාදී කල්ලි කණ්ඩායම්ය. අද පාකිස්ථානු මුස්ලිම් සමාජය ලෙයින් තෙත් කරන්නේද කුරාණයේ අන්තගාමී මූලික ඉගැන්වීම්වලින් මොළ ශෝධනය වූ ත්‍රස්ථවාදීන්ය. එබැවින් මද්රසා පාසල් ත්‍රස්ත කදවුරු ලෙස හැදින්වීම වරදක් නොවේ.

මෙම භයානක තත්වය හොදින් තේරුම්ගත් ජනරාල් ෆර්වෙස් මුෂ්රාෆ් 1999 දී බලයට පත් වූ පසු මුළින්ම කළේ පාකිස්ථානය පුරා පැතිරී තිබුණු මද්රසා පාසල් විසිදහසක් ක්ෂණිකව වසා දැමීමට කටයුතු කිරීමයි. එනිසා පාකිස්ථානය පුරා ඔඩු දුවමින් පැවති බිහිසුණු මුස්ලිම් අන්තවාදය යම් ප්‍රමාණයකට පාලනය කළ හැකි විය. එසේ වුවත් අන්තවාදය බැහැර කළ පාකිස්ථාන් රජයට විරුද්ධව අද යුධ වැදී සිටින්නේ එදා මද්රසා ත්‍රස්ත කදවුරුවලින් බිහිවූ ඉස්ලාම් මුලධර්මවාදයෙන් වියරු වැටුණු කලින් සාමකමී ජීවිත ගත කළ පාකිස්ථානු මුස්ලිම් තරුණයන්ය. ඔවුන්ගේ එකම අරමුණ ඉස්ලාමීය ශරීයා නීතියට රට යටත් කිරීමයි. එමෙන්ම වත්මන් පාකිස්ථානු අගමැති වසීම් අක්‍රම්ද බලයට පත්වූ සැනින් පාකිස්ථානය පුරා ක්‍රියාත්මක වූ මද්‍රසා පාසල් තුන්දාහක් වසා දැමීමට කටයුතු කලේය.

මද්රසා තුළ සෘජු ලෙසම ඉගැන්වෙන්නේ කුරාණයෙ හා එහි අර්ථ විවරණ කෙරෙන සහී අල් බුකාරි ප්‍රමුඛ ග්‍රන්ථවල දැක්වෙන මූලධර්මවාදී සංකල්පයන් වන අතර ඒ තුළින් බිහිවන්නේ ඉස්ලාම් අන්තවාදය හා යුධකාමීත්වය තුළින් බාහිර සමාජය තලා පෙළන ත්‍රස්තවාදීන්ය. ඇතැම් මද්රසාවන් නම් දරා ඇත්තේ ඉස්ලාමයේ ඇති යුධකාමීත්වය ප්‍රවර්ධනය කරන්නටමය. ඒවායේ මුසල්මානු සිසුන්ව පුහුණු කෙරෙන්නේ ඉස්ලාමය නොඅදහන්නන් හා සටන් කරන්නටත්, බටහිර හා තමන් ජීවත්වන භූමියේ බහුතරයගේ සාමාජීය මානසිකත්වයට එරෙහිව ක්‍රියා කරන්නටත්ය. මද්රසාවන් ගණනාවක ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ ජාත්‍යන්තර නිරීක්ෂකයින් පවසන්නේ ඒවායේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම යොමු වන්නේ ප්‍රචණ්ඩත්වය ඉගැන්වීම කෙරෙහි වන බවය.

නමුත් මුස්ලිම් රාජ්‍යයක් වූ පාකිස්ථානය පවා බරපතලකම හැදිනගෙන තහනම් කර දැමූ මද්රසා පාසල් ක්‍රමය මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකාව තුළ ඉතාමත් සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් පවතී. කලකට පෙර මුස්ලිම් දරුවන්ගේ අධ්‍යාපනය සදහා පල්ලිය තුළ ක්‍රියාත්මක වූ දහම් පාසල් නමින් හැදින් වූ මේ මද්රසාවන් අද පල්ලියෙන් පරිබාහිරව මුස්ලිම් ජාතිකයන් වාසය කරන ප්‍රදේශයක් පාසා හතු පිපෙන්නාත් මෙන් දවසින් දවස ගොඩනගමින් පවතින්නේ අරාබියෙන් පැමිණ මෙහි පැළපදියම් වී විවිධ රාජ්‍යනොවන ඉස්ලාමීය සංවිධාන වල සෘජු මූල්‍ය දායකත්වයෙනි. අරාබියෙන් හා පාකිස්ථානයෙන් පැමිණි පූජකයන් මේවා මෙහෙයවන බව රහසක් නොවේ.

ජීවිත සිය ගණනකින් හා දැවැන්ත ආර්ථික හානියකට මුහුණ දෙමින්, රටම තිගැස්මකට ලක්ව සිටින මොහොතක, ත්‍රස්තවාදීන් පමණක් නොව, ත්‍රසත්වාදීන් බිිහිකරන මූල බීජයන්ද මුලිනුපුටා දැමීමට බලධාරීන් කටයුතු කළ යුතුය. එසේ නොවුණොත් යළි හැරවිය නොහැකි ‍ඛේදවාචකයකට මාතෘභූමියේ අනාගතය ගොදුරු වීම නොවැළැක්විය හැකි වනු ඇත.

Related posts

ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙක්ට කොරෝනා

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට මතුගම නගරයේ දී පහරදෙයි

Admin

උසස්වීමක් සමග හොරෙකුට පොලිසිය බාර දීලා.. කරනවා කී රැඩිකල් වෙනස ඒකයි

colombotoday

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද රිමාන්ඩ්

Admin

විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය දීර්ඝ කෙරේ…

Admin

සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය ලබා දීම- වැඩසටහනේ ඉදිරි සැලසුම් ජනාධිපතිගේ විමසුමට

colombotoday