Colombo Today Local News

මහින්ද වෙනම ගියොත් අපි ඉවරයි.. එහි වාසිය එජාපයටයි.. එනිසා එක්ව ගමනක් යමු

Mahinda amaraveera

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කඩා ගෙන එළියට යෑමේ වාසිය එක්සත් ජාතික පක්ෂයට ලැබෙන බැවින් මේ මොහොතේ සියළු දෙනාම එක්ව ගමනක් යා යුතු බව , ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙරේදා (11) පැවති උත්සවයකට එක් වෙමින් මේ බව කියා සිටියේය.

පක්ෂය ගොඩ නැගීම වෙනුවෙන් පක්ෂය එක් කිරීම වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් සිදු කිරීමට සුදානම් බවත් , සියළු දෙනාම එකට එකතු වෙමින් ගමනක් යා යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩවී නව පක්ෂයක් ඇතිවීම තුළ ඉදිරි මැතිවරණ වලදී එක්සත් ජාතික පක්ෂයට ජය හිමි වීම කිසිවෙකුටටත් නතර කල නොහැකි බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කලේය.

Related posts

දිනේෂ් ඇතුළු නව දෙනෙකුට නොතීසි

colombotoday

විදුලි කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී

Admin

ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර

colombotoday

පොහොර සහනාධාරය අදින් ඉවරයි.. මිල තීරණය සමාගම් අතට.. හොන්ඩරය 3000ට නගී

colombotoday

මාලදිවයින් ජනාධිපති තෙදින සංචරයකට දිවයිනට

colombotoday

නව ව්‍යවස්ථාව අවසන් අදියරේ… කෙටුම්පත ළගදීම පාර්ලිමේන්තුවට… තීරණාත්මක සාකච්ඡාවක් මේ සතියේ

colombotoday