Colombo Today Local News

ද. මුහුදේ බහුදින ධිවර යාත්‍රාවකින් ඇල්ලූ හෙරොයින්වල වටිනාකම රු. මිලියන 3500 ක්

නාවික හමුදාව, පොලීසිය සහ බුද්ධි අංශ ඒකාබද්ධව කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී බහුදින ධිවර යාත්‍රාවක තිබී ඊයේ(16) දින
හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනිණ.

දකුණු මුහුදේ දී සොයා ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 3500ට අධික බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා මාධ්‍ය, ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසුරිය මහතා සඳහන් කරන්නේ, එලෙස සොයා ගත් හෙරොයින් තොගයේ බර කිලෝග්‍රැම් 175ක් බවයි.

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා අද අලුයම ගාල්ල වරායට රැගෙන විත් තිබිණ.

සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දීමට නියමිතය.

Related posts

රන්වල ආචාර්ය උපාධිය ගේනකල් තමයි අපිත් බලන් ඉන්නේ

Admin

“ITN වැඩිහිටියන්ට පමණයි” වැඩසටහන් වෙනුවෙන් කැෆේ කිර්ති කඩේ යයි

colombotoday

ව්‍යවස්ථාව කඩා, නීතිය නැමූ විග්නේෂ්වරන් අල්ලනු.. ගම්මන්පිලලා විරෝධයේ

colombotoday

අකුණු සැර වැදී මැදවච්චියේ ගොවියෙකු මරුට

colombotoday

කොටිකාවත්තේ බුදුපිළිමයකට හානි කළ අයෙක් අත්අඩංගුවට – පොලිසියට දී ඇති පදිංචියත් බොරු

colombotoday

රාජිතට හොදම ස්ථානය බන්ධනාගාරයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයයි.

colombotoday