Colombo Today Local News

තේ පොහොර නිෂ්පාදන මිලටම දෙන්න සමාගම් දෙකක් එකඟ වෙයි

මෙරට තේ වගාව සඳහා අවශ්‍ය පොහොර නිෂ්පාදන මිලටම ලබා දීමට රජයට අයත් පොහොර සමාගම් දෙක එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

තේ වගාව සඳහා අවශ්‍ය වන පොහොර සහන මිලකට දෙන ලෙස තේ කර්මාන්තකරුවන්ගේ ස්වාධීන සංගමය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන තිබේ.

රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම විසින් දැනට තේ, කුරුඳු, පොල් ඇතුළු වැවිලි බෝග වර්ග සඳහා විශේෂ මිශ්‍ර පොහොරක් නිෂ්පාදනය කරනු ලබයි.

මෙම පොහොර තේ වගාව සඳහා ඉතා උචිත වන අතර එම පොහොර සහන මිලකට තේ කර්මාන්තකරුවන්ට ලබා දීම සම්බන්ධව අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරයා වන ආචාර්ය ජගත් පෙරේරා මහතා සමග සාකච්ඡා කළේය.

Related posts

මත්පැන් බැරලයක් පුපුරා අයෙක් මරුට

colombotoday

යහපාලනයෙන් රටට වුණේ මහ විනාශයක්… රටට කිසි සෙතක් වුණේ නෑ – රවී

colombotoday

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි

colombotoday

“ඇෆ්ගනිස්තානය ත්‍රස්තවාදීන්ට මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා නම් ලංකාවත් අවදියෙන් සිටිය යුතුයි”

colombotoday

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්තවෙයි

Admin

ලංකාවේ සුළු ජාතීන් ගැන බොරු කියූ රීටා ඉසාක් ආයෙත් එයි.. වාර්තාවකුත් හදයි

colombotoday