Colombo Today Local News

“ඇෆ්ගනිස්තානය ත්‍රස්තවාදීන්ට මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා නම් ලංකාවත් අවදියෙන් සිටිය යුතුයි”

ඇෆ්ගනිස්තානය ත්‍රස්තවාදීන්ට මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා නම් එයින් ලංකාවට සිදුවන බලපෑම වැළැක්වීමට ගතයුතු පියවර ගැන ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු අතරම ශ්‍රී ලාංකිකයන්ට ඇෆ්ගනිස්තානයට ගමන් කිරීම නතර කිරීමට ක්‍රියා කළ යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (19)දින විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

දැනට තලේබාන් පාලනය පිළිනොගෙන අනාගතය දෙස බලා තීරණයක් ගත යුතු බව තම අදහස යැයි කී වික්‍රමසිංහ මහතා බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළ තලේබාන් සංවිධානය පිළිගත්තොත් මේ කලාපයෙන් නැතිකළ ත්‍රස්තවාදය නැවත ඇති කිරීමට එය උපකාර කිරීමක් වන බවද සඳහන් කළේය.

තලේබාන් කණ්ඩායම මීට පෙර ඇෆ්ගනිස්ථානය පාලනය කළ අවස්ථාවේදී ජිහාඩ්වාදී ත්‍රස්තවාදී කණ්ඩායම් ගණනාවක් ඊට රැස් වු බවත් සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකා ප්‍රහාරය එල්ල කළ අල් කයිඩා සංවිධානය ක්‍රියාත්මක වුයේත් ඇෆ්ගනිස්ථානයේ සිට බවත් සිහිපත් කළ හිටපු අග්‍රාමාත්‍යවරයා දැන් තලේබාන් ආණ්ඩුවක් යටතේ ඇෆ්ගනිස්ථානය නැවත ජිහාඩ්වාදින්ගේ මධ්‍යස්ථානයක් වේදැයි සැකය කාටත් තිබෙන අතර ඒ ගැන ලංකාව ද විශේෂයෙන්ම මතක තබා ගත යුතු බව පැවසීය.

Related posts

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ධූරයට

Admin

ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ ශිෂ්ටත්වය අමතක වුණු සිංගප්පුරු ගිවිසුම

colombotoday

ආහාර ප්‍රතිපත්ති කමිටුවට කැබිනට් අනුමැතිය

colombotoday

ෆාම් තෙල් ආනනයට ඉඩදී පොල් තෙල් ආනයනය තහනම් කල කැකිල්ලේ තීන්දු

colombotoday

ආනයනික කිරිපිටි මිල පහළට

Admin

වැඩක් නෑ… රහක් නෑ… කණගාටුව පමණයි – එජාප ප්‍රතිසංවිධානයෙන් පසු අජිත් පී පෙරේරා කියන කතාව

colombotoday