Colombo Today Local News

ලංකාවේ සුළු ජාතීන් ගැන බොරු කියූ රීටා ඉසාක් ආයෙත් එයි.. වාර්තාවකුත් හදයි

reeta-isac

සුළු ජාතින් ගේ ගැටළු පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ සම්බන්ධතා නිලධාරිනිය වන රීටා ඉසාක් නාඩියා දස දින සංචාරයක් සඳහා ලබන ඔක්තෝබර් 10 වෙනි ද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ඇයගේ මෙම සංචාරයේදී ජාතික හෝ ජනවාර්ගික සහ ආගමික සහ භාෂා අනුව සුළු ජන කොටස් සම්බන්ධයෙන් වන වත්මන් තත්ත්වය පිළිබඳව ඇගයීමක් කරනු ලබන අතර ලබන ඔක්තෝබර් 20 දක්වා ඇය දිවයිනේ රැඳෙනු ඇත.

මීට අමතරව රජය නිලධාරීන්, ජාතික මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් , සිවිල් සංවිධාන වල ක්‍රියාකාරීන් මුණ ගැසීමටත් උතුර, උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල මෙන්ම කොළඹ ප්‍රදේශයේ සුළු ජන කොටස් ඍජුව මුණ ගැසීමට මෙම සංචාරයේ දී අපේක්ෂා කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙම ඇගයීම් චාරිකාවේ දී සොයා ගන්නා කරුණු පිලිබඳ මුලික වාර්තාවක් ඔක්තෝබර් 20 කොළඹ දී පැවැත්වෙන මාධ්‍ය හමුවක දී එලි දැක්වීමට බලාපොරොත්තු වන අතර අවසන් සහ සවිස්තර වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ලබන වසරේ මාර්තු ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඇය ඉකුත් මාර්තුවේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවේ සුළු ජාතීන් සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අප‍්‍රසාදය පළ කර සිටියේය. ඇයගේ එම වාර්තාව සාවද්‍ය නොමඟ යවන සුලු තොරතුරු සහ දත්ත ඇතුළත් බවද රජය විසින් චෝදනා නඟා තිබිණි.

Related posts

ඩෙංගු මදුරුවාගෙන් බේරෙන්න පාසල් ඇඳුම වෙනස්‌ කිරීමට විදුහල්පතිවරුන්ට උපදෙස් දෙයි !

colombotoday

ක්‍රිඩා ඇමැතිගෙන් CIDයට පැමිණිල්ලක්

Admin

සියඹලාණ්ඩුවේ පාසල් බස් රථයක් පෙරලී 36 දෙනෙකු ට තුවාල

Admin

වවුනියාවේ උපන්දින සාදයේ දී පහරකෑමකට ලක්ව මියගිය තරුණියගේ සැමියාත් මරුට

Admin

හමුදා මූලස්ථානයට ගෝඨාභය වෙන්කළ මුදල් මේ ආණ්ඩුව වියදමට අරන්.. වැඩ තවමත් අතරමග !

colombotoday

අනුරගේ ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමති සුමන්තිරන්

Admin