Colombo Today Local News

දකුණු කොරියානු යුද නැවක් වසර 6කට පසු කොළඹ වරායට සේන්දු වෙයි

දකුණු කොරියානු නාවික හමුදාවට අයත් ‘ක්වැන්ගෙටෝ ද ග්‍රේට්’ යුද නෞකාව අද (26) උදෑසන කොළඹ වරායට සේන්දු විය.

දකුණු කොරියානු යුද නෞකාවක් මීට පෙර දිවයිනට පැමිණ තිබුණේ, 2017 ඔක්තෝබර් මාසයේදීයි.

ඉන්දු – පැසිෆික් ක්‍රමෝපාය යටතේ දකුණු ආසියාතික පාර්ශ්වකරුවන් සමග ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින් එය ශ්‍රී ලංකාවට පැමිණෙන බව දකුණු කොරියානු නාවික හමුදාව ප්‍රකාශ කළේය.

මෙම නෞකාව සාමුහික ආරක්ෂාව, ප්‍රතිත්‍රස්ත මෙහෙයුම් සහ කොරියානු හා අනෙකුත් නෞකාවල ආරක්ෂාව සැපයීම අරමුණු කරගත් කොරියානු නාවික හමුදාවේ මුහුදු කොල්ල වැළැක්වීමේ ඒකකයට අයත් නෞකාවකි.

Related posts

ඇමති සනත් නිශාන්ත මාධ්‍ය කැදවා වන නිලධාරිනියට නෝන්ඩි කරයි… පුත්තලං බූරුවන්ට ඇමතිකම් දුන්නාම වෙන දේ !

colombotoday

විදුලිය ගාස්තු ඉහළ දැමීම ගැන අද පාර්ලිමේන්තුවේදී විවාදයක්..

colombotoday

යතුරුපැදියක් දොඹකරයක ගැටී පුද්ගලයෙක් මරුට

Admin

තවත් කොවිඩ් මරණ 19ක්

colombotoday

සඟවා තබා තිබියදී හමුවූ සීනි මෙට්‍රික්ටොන් 30,000 ක් රාජසන්තකයි.

colombotoday

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් – ජනපති

Admin