Colombo Today Local News

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු නැවතත් ඉහළ දමයි

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු සංශෝධනය කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන ගාස්තුව රුපියල් 1000ක් දක්වා ඉහළ දමා ඇති අතර ජාතික හැඳුනුම් පිටපතක් පිලිබඳව විස්තර සත්‍යතාවය සහතික කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාට පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඉදිරිපත් කරන අවස්ථාවේදී අය කරන ගාස්තුව රුපියල් 500ක් දක්වා ඉහළ දමා ඇත.

ජාතික හැඳුනුම්පත් ඡායාරූප ශිල්පියෙක් ලෙස ලියාපදිංචිවීමේ ගාස්තුව රුපියල් 15000 දක්වා ඉහළ දමා ඇති අතර එම සහතිකය වාර්ෂිකව නැවත ලියාපදිංචිය යාවත්කාලීන කිරීමේ ගාස්තුව රුපියල් 2000 සිට රුපියල් 3000 ක් දක්වා ඉහළ දමා තිබේ.

Related posts

මගී ගුවන් යානා සඳහා ලංකාවට ඇතුල්වීමේ තහනම දිගටම

colombotoday

යාල කැලේ ගල් ලෙණකින් වියළි ගංජා ගෝනි 25ක් වනජීවි නිලධාරීන් සොයා ගනී

colombotoday

“රාජපක්ෂ යුගයේ රටට කුඩු ගෙන්නුවේ තොග පිටින්.. දේශපාලන රැකවරණත් ලැබුණා“ – සජිත්

colombotoday

බැදුම්කර වාර්තාවේ වැදගත්ම කොටස හංගලා.. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ බාගයයි

colombotoday

මාස 5ක් තුළ ඉන්දීය ධීවරයින් 28ක් අත්අඩංගුවේ

Admin

ඉන්ධන මිළ ඉහළ දැමීම රටට යහපතක්.. පරිසර දූෂණය අඩුවෙනවා – ඇමති ඉරාන්

colombotoday