Colombo Today Local News

යතුරුපැදියක් දොඹකරයක ගැටී පුද්ගලයෙක් මරුට

ග්‍රෑන්ඩ්පාස් වේල්ස්කුමාර මාවත ප්‍රදේශයේදී යතුරුපැදියක් දොඹකරයක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 56 හැවිදිරි පුද්ගලයෙකි.

ප්‍රදේශයේ සංවර්ධන කටයුත්තකට යොදා තිබූ දොඹකරයක පටවා තිබූ යකඩ බාල්ක කොටසක් රථයෙන් පිටතට යොදා තිබීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේදී අඹුසැමි යුවලක් යතුරුපැදියේ ගමන් කර ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලබා ඔවුන්ව රෝහල් ගත කිරීමෙන් පසු පැදිකරු මියගොස් තිබේ.

අනතුරට අදාළව දොඹකරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

වරාය අධිකාරිය රු. බිලියන 11ක වාර්තාගත ලාභයක් උපයයි

colombotoday

කොරෝනා මෘත දේහ බහාලන්න කාඩ්බෝඩ් මිනිපෙට්ටි හදයි

colombotoday

සුනිල් ජයවර්ධන ඝාතනය කලේ ආණ්ඩුවේ වරදින්- සජිත්

colombotoday

ගත වූ මාසය තුළ ‘වන’ විනාශය දිනකට අක්කර 03ක්

colombotoday

දූෂණ චෝදනා එල්ලවූ අනුරුද්ධ පොල්ගම්පලගේ පත්වීම ජනපති කැන්සල් කරයි…

colombotoday

ශ්‍රි ලංකාවට ලකුණු 462 ක අභියෝගාත්මක ඉලක්කයක්… අද තරගයේ සම්පූර්ණ වාර්තාව මෙන්න

colombotoday