Colombo Today Local News

ලෙබනනයේ ගොඩනැගිල්ලක් කඩා වැටී ලාංකික කාන්තාවක් මිය යයි

ලෙබනනයේ, බීරූට් අගනුවර ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් තිබේ.

මහල් ගොඩනැගිල්ලක් පසුගිය 16 වැනිදා එලෙස කඩා වැටීමට ලක්ව තිබුණි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී සෙනරත් යාපා මහතා සඳහන් කරන්නේ, මාතර,මිරිස්ස ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇති බවයි.

කඩා වැටුනු සුන්බුන් අතර තිබී අදාළ කාන්තාවගේ මෙන්ම ඇය සේවය කළ නිවසේ හිමිකරු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

මියගිය කාන්තාවගේ ඥාතීන්ගේ ඉල්ලීම පරිදි දේහය දිවයිනට රැගෙන ඒමට හෝ එරටදී අවසන් කටයුතු කිරීමට පියවර ගන්නා බව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Related posts

දුම්රිය මැදිරි 120ක් ධාවනයෙන් ඉවතට

colombotoday

දුර්වල ආගම විගමන නීති නිසා, ලංකාවත් ආගමික ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට !!

colombotoday

මැතිවරණයට අදාළව පැමිණිලි 4684ක්

colombotoday

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිවරුන්ගෙන් දඩ කුලියක් අය කිරීමට පියවර

colombotoday

කොරෝනා රෝගීන් තවත් ඉහලට

colombotoday

කරූට එජාප නායකත්වය දෙන්න බැහැ – රනිල්

colombotoday