Colombo Today Local News

දුර්වල ආගම විගමන නීති නිසා, ලංකාවත් ආගමික ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට !!

මෙරට පවතින දුර්වල ආගමන විගමන නීති හේතුවෙන්, සදාචාර විරෝධී ලෙස ආගම් ප්‍රචාරය කිරීමේ අරමුණින් ආගමික ත්‍රස්තවාදී කණ්ඩායම් බහුල රටවලින් පවා මෙරටට පුද්ගලයන් සංක්‍රමණය වීම ඉහළ ගොස් ඇතැයි බව බොදු බල සේනා සංවිධානය පවසයි.

මැදපෙරදිග හා යුරෝපීය රටවලින් මෙන්ම ආසියානු රටවලින්ද සංක්‍රමණය වූ විවිධ මූලධර්මවාදී ආගමික කණ්ඩායමවල පුද්ගලයන් අනවසරයෙන් මෙරට රැදී සිටිමින් සදාචාර විරෝධි ලෙස ආගම් ප්‍රචාරය කරමින් සිටින බවත්, මේ හේතුවෙන් රටතුල ආගමික නොසන්සුන්කාරී තත්තවය වර්ධනය වෙමින් පවතින බවත් එම සංවිධානය අවධාරණය කරයි.

ආගමන විගමන නීතිවල පවතින ලිහිල් භාවය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරවීම සදහා රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු නියෝජිත පිරිසක් ආගමන හා විගමන පාලක එම්.එම්. රණසිංහ මහතා සමග හෙට (7) උදෑසන 9.30 ට බත්තරමුල්ල, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේදී සාකච්ඡාවක් පැවැත්වෙන බව බොදු බල සේනා මාධ්‍ය ඒකකය පවසයි.

Related posts

රත්මලාන මුහුදු වෙරළේ නාඳුනන පිරිමි මළ සිරුරක්

colombotoday

බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කරයි

colombotoday

සුපර් මෑන් පනත මැද රටෙනුත් විසිවෙයි.. පක්ෂව එක ඡන්දයක්වත් නෑ.. අන්ත පරාජයක්

colombotoday

ලංවිම සභාපති කෝප් කමිටුවට ලබා දුන් ප්‍රකාශය ඉල්ලා අස්කර ගනියි

colombotoday

බස් ගාස්තු 2.23%කින් පහතට

colombotoday

අල්ලසක් ගත් ග්‍රාම නිලධාරිනිය අත්අඩංගුවේ

colombotoday