Colombo Today Local News

කතාන්දර පොත් වල සගවා ගෙනා කෝටි 23 කොකේන් කටුනායක දී අල්ලයි

රුපියල් කෝටි විසි තුනක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක්, කුඩා දරුවන් කියවන, ලොකු ඉංග්‍රීසි අකුරු සහිත ළමා කතාන්දර පොත් 08 ක, පිටකවර තුළ සගවා, විදේශීය කාන්තාවක ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය පවසයි.

ශ්‍රී ලංකාවට පළමු වරට පැමිණි ඇය 42 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් වන අතර, ඇය එරට රෙදිපිළි වෙළෙඳාමේ නිරත වන්නියක් බව මූලික රේගු විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන මුළින්ම ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවරින් ගමන් අරඹා කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇත.

ඇය මෙම කොකේන කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 598 ක් බරැති මත්ද්‍රව්‍ය තොගය ඉතා සූක්ෂම ලෙස, ඝනකම සහිත ඉංග්‍රීසි ළමා කතන්දර පොත් පිටකවර කපා, සකස් කර, ඒ තුළ බහා, සිය ගමන් මලු තුළ සගවා ගෙන රැගෙන විත් තිබේ.

Related posts

මිනිස්සු දැන් නිදහසේ ටිකක් නිදා නිදාගන්න හුස්ම ගන්න කැමති.. අරගල තිත්ත වෙලා

Admin

ලෝක ළමා දිනය අදයි

colombotoday

මහනුවර හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday

ගජ උතුරේ සියලුම පාසල් වස්සවයි

colombotoday

බදියුදීන්ගේ මල්ලී රටටම වස කවයි. පරිභෝජනයට නුසුදුසු සහල් මහ තොගයක් හොර පාරෙන් වෙළදපොලට

colombotoday

අභිරහස් ලෙස මියගිය අවුරුදු 25 ක සද්ධන්තයා

colombotoday