Colombo Today Local News

ගජ උතුරේ සියලුම පාසල් වස්සවයි

ගජ සුලි කුනාටුව හේතුවෙන් උතුරු පළාතේ පිහිටි සියලුම පාසල් වෙතට අද දිනයේදී නිවාඩු ලබා දීමට පියවර ගත් බවට උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය නිවේදනය කොට ඇත.

මේ අතර ගජ සුලි කුනාටුව යාපනය දිස්ත්‍රීක්කය හරහා ගමන් කරමින් ඊයේ රාත්‍රිය පුරා දැඩි සුලගක් සමගින් අද උදෑසන වන තුරු වර්ෂාව ඇදහැලුනු බවටත් ඇතැම් තාවකාලික ඉදිකිරීම් වලට සුලගින් හානි සිදුව ඇති බවටත් යාපනයේ වැසියන් පැවසිය.

ගජ සුලි කුනාටුව හේතුවෙන් අද උදෑසන යාපනය දිස්ත්‍රීක්කයේ පාසල් කිහිපයක සිසු දරුවන්ට පාසල් වෙතට ගමන් කිරීමට නොහැකි තත්වයක් උද්ගත වීම හේතුවෙන් උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට දැනුම් දුන් අතර එහිදී පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතාගේ උපදෙස් පරිදි උතුරේ සියලුම පාසල් වෙතට නිවාඩු ලබා දීමට තීරණය කල බවට උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එම්.ඉලංකෝවන් මහතා කියා සිටියේය.

මේ දිනවල සෑම පාසලකම වර්ෂාවසාන විභාගය පැවත්වෙමින් තිබෙන අතර වර්ෂාව හා සුළං හේතුවෙන් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලටද බාධා සිදුවන බවට උතුරේ අධ්‍යාපන බලධාරීන් කියා සිටියහ.

Related posts

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කෝටි 850ක් රාජසන්තක කිරීමට යෝජනාවක්

colombotoday

ආයුර්වේද වෛද්‍ය ක්‍රම පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට සැලසුම්..

colombotoday

පනත පළාත්සභා අටක පැරදී තිබියදීත් ‘සුපිරි ඇමති‘ හොරෙන්ම වැඩ !

colombotoday

ඇඳිරිය කඩ කළ 664ක් අත්අඩංගුවට

colombotoday

ව්‍යවස්ථා කමිටු අතුරු වාර්ථාවෙන් “බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කරලා” – සිංහල බෞද්ධයා නොමග යවන ආණ්ඩුවේ කූට වෑයම මහා සංඝරත්නය හෙළා දකී

colombotoday

ජාතික පුරාවිද්‍යා සතිය අදින් ඇරඹෙයි

Admin