Colombo Today Local News

ලිට්‍රෝ සභාපති බයිලා ගහනවා. මිනිස්සු ගෙවල්වල ගිනිගන්නවා.. සභාපති ගහලා එළවන්න ඕනේ.

ජනතා ගැටලුවලට විසඳුම් නොලැබනේනේ නම් සිය තනතුරු අත්හැරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

මීගමුවේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“දැන් ගෑස් නෑ වගේම..මිනිස්සු පෝලිම්වල ඉන්නවා වගේම..ගෑස් එක අරන් ගියාම පුපුරනවා. ලිට්‍රෝ සභාපති බයිලා ගහනවා. නියමිත පරිදි ගෑස් ටික සපයන්න. නැතිනම් තනතුර දලා යන්න පුළුවන්. මිනිස්සු ගෙවල්වල ගිනිගන්නවා.. සභාපති මාධ්‍යවල හිනා වෙනවා. ඔය සභාපති ඉල්ලා අස්විය යුතුයි. නැත්නම් ගහලා එළවන්න ඕනේ.”

“සමහර ආයතනවලට වගකීමක් තියෙන අය පත්කරලා නෑ කියලා තමයි අපිට පේන්නේ. වගකීමක් භාර ගත්තා නම් වගකීම ඉටුකරන්න. එක එකාට බෝල පාස් කරලා හරියන්නේ නෑ.”

“අපි තනතුරුවලට බයේ තනතුරු ආරක්ෂා කරගන්න වැඩ කරන අය නෙමෙයි. තනතුරු අතහැරලා යන්න අපි සූදානම්. අපි මේක ජනතාව වෙනුවෙන් කරන ඉල්ලීමක්. ඒකට ඇහුන්කන් දෙන්නේ නැත්නම් අදාළ පාර්ශ්ව.. ඒ අයට විරුද්ධව ජනතාව එක්ක පෙළගැහිලා ඒ අයව එළවනකම් නතතුරු අතහැරලා කටයුතු කරන්න අපි සූදානම් කියන එක කියනවා.”

“මුතුරාජවෙල පවරා ගැනීම..අලුතෙන් ගහපු ගැසට් එක වහාම අවලංගු කරන්න ඕනේ. අපේ තීන්දු ගනන් ගන්නේ නැතුව ඉන්නවා නම් මේ තනතුරු වරප්‍රසාද අතහැරලා.. වාහන භාරදීලා මිනිස්සු එක්ක හිටගෙන සටන් කරනවා.”

Related posts

ඩොලරයක විකුණුම් මිල රු. 300 ඉක්මවයි

colombotoday

අද සිට දින හතරක විදුලි කප්පාදුවක්

colombotoday

“ජාතික හෙළ උරුමය භික්ෂූන් දේශපාලනයට ගෙන එමින් භික්ෂූ ගෞරවය නැති කළා” – බෙංගමුවේ නාලක හිමි

colombotoday

පෙට්‍රල් ආනයනයට ණයවර ලිපියක් නිකුත් කරයි

colombotoday

ගෝඨා වෙනුවෙන් ඇප මුදල් තැම්පත් කෙරේ

colombotoday

දිවයින පුරා මෙහෙයුම්වලින් මේ වන විට බීමත් රියදුරන් 1270ක් අත්අඩංගුවට.

colombotoday