Colombo Today Local NewsUncategorized

“2020 අගමැති අපේක්ෂකයා මමයි” විධායකයෙන් පාර්ලිමේන්තුවට ජනපතිගෙන් කරණමක්?

mithree2020 වර්ෂයේදී පැවැත්වීමට නියමිතව තිබෙන මීළග පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති ශ්‍රීලනිප විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදීය. පොරොන්දු වූ පරිදිම ඊට පෙර විධායක ජනාධිපති ධූරය මුළුමනින්ම අහෝසි කරන බවද ජනාධිපතිවරයා පවසා ඇත.

මේ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා වූ යෝජනාව අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කර ඇති අරත ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. නව මැතිවරණ ක්‍රමයක්ද මෙමගින් යෝජනා වී තිබේ.

-මූලාශ්‍රය දිවයින

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර 2020 අගමැති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වීමට සූදානමක් ඇති බව ColomboToday.com විසින් හෙළිදරව් කළේ පසුගිය 9 වැනිදාය. එම පුවත පහතින්

2020 දී අගමැති මෛත්‍රී?

Nov 9, 2015 @ 16:00

විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කර පූර්ණ විධායක බලතල සහිත අගමැති තනතුරක් ඇතිකර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම තනතුරට පත් කිරීම සදහා රහසිත සැලසුමක් යහපාලන හවුල් ආණ්ඩුවේ මෛත්‍රී හිතවාදී පාර්ශවය විසින් දියත් කර ඇති බව ColomboToday වෙත වාර්තා වනවා.

ජනාධිපතිවරයාට අතිශය සමීප ප්‍රබලයන් පිරිසක් හමුවී මේ පිළිබදව මූලික අදියරේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර 2020 දී පැවැත්වීමට නියමිත මීළග ජනාධිපතිවරණයට පෙර මෙම බල පෙරළිය සිදු කිරීමටත් ඒ සදහා සුදුසු ක්‍රියාමාර්ග පිළිබදව සොයා බැලීම පිළිබදවත් සාකච්ඡාකර ඇතැයි ද එම ආරංචි මාර්ග සදහන් කරනවා.


විධායක ජනාධිපති ධූරය අහෝසි කර මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක බලතල සහිත අගමැති ධූරයට පත් කිරීම සදහා ශ්‍රීලනිප මෛත්‍රී හිතවාදී පාර්ශව සැලසුම් දියත් කරද්දී එජාප ය දෙසින්ද එම සැලසුමම වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක වෙමින් පවතින බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා. ඒ විධායක ජනපති ක්‍රමය අහෝසි කර එහි යම් බලතල ප්‍රමාණයක් සහිතව පිහිටුවන නව අගමැති ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමේ සැලසුමයි.

 

Related posts

ඉදිරි දින කිහිපය තීරණාත්මකයි.. සියළු මැති ඇමතීන් කොළඹ නවතී !!

colombotoday

ශ්‍රීලනිප-එජාප එක්වි පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීමට සාකච්ඡා

colombotoday

ජනපතිට එරෙහිව එජාපයෙන් දෝෂාභියෝගයක් !!

colombotoday

සියලු සිසුන් පාසැල් වෙත කැඳවන්නැයි චක්‍රලේඛයක්

colombotoday

ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් හොරකමක් | දැඩි සත්කාර ඒකකයේ සෞඛ්‍ය කාර්යය සහායකයකු අත්අඩංගුවට

colombotoday

කරදියාන කසළ අංගනයේ නොදිරන අපද්‍රව්‍ය ටොන් 150 ක් කෙරවලපිටියට

colombotoday