Colombo Today Local News

යුක්‍රේන සංචාරකයින් පිරිසක් අදත් දිවයිනට…

යුක්‍රේනයේ සිට තවත් සංචාරකයින් 215 දෙනෙකු අද දිවයිනට පැමිණෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේ, එම සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දී ඇති උපදෙස් ප්‍රකාරව දින 14 ක් නිරෝධායනය කරන බවය.

මේ වනවිට යුක්‍රේනයෙන් පැමිණි සංචාරකයින් 389 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බව ද ඇය පැවසුවා ය.

ඔවුන්ගෙන් 5 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති අතර ඉන් සෙසු සංචාරකයින්ට බලපෑමක් නොවන බව ද සංවාරක සංවර්ධන අධිකාරිය පැවසීය.

එම පිරිස දකුණු වෙරළ තීරයේ තෝරාගත් සංචාරක ගමනාන්ත වෙත නිරෝධයන ක්‍රියාවලියෙන් අනතුරුව සංචාරය කිරීමට නියමිතය.

Related posts

රිලා සංගණනයේ සමස්ථ ප්‍රතිඵල එළියට – ලාල් රට යවද්දී ජගත් දූපතකට පටවයි

colombotoday

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනපති එකඟ වෙයි – ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ට ලිපියක්

colombotoday

“මහින්ද රාජපක්ෂ හොරකම් කළබව මං කියා නෑ.. ඔහුට විරුද්ධව චෝදනා කිසිවක් නෑ” – රාජිත

colombotoday

“ඥානසාර හිමි නිදහස් කරනු” කැලණියේ පැවති පාගමන සහ සත්‍යක්‍රියාව : Photos

colombotoday

කොළඹ පුරහල සහ අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක්

Admin

රතන හිමිට විරුද්ධව චම්පික කුමන්ත්‍රණය කරලා – හෙළ උරුමය විරසක වේ

colombotoday