Colombo Today Local News

නියෝග නොතකා එස්. එස්.පී. අල්ලන්න ගිය කොස්තාපල්ගේ සහ සාජන්ගේ වැඩ තහනම්

මුන්දලම පොලිසියේ සේවය කරන නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පියවර ගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් සේවය අත්හිටුවනු ලැබ ඇත්තේ මුන්දලම පොලිසියේ රථ වාහන අංශයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල් වරයකුගේය.

උසස් පොලිස් නිලධාරියෙකුගේ අවසරයකින් තොරව වේග මාපක උපකරණ භාවිත නොකරන ලෙස පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා පුත්තලම කොට්ඨාසයේ නිලධාරීන්ට නියෝග නිකුත් කර තිබී ඇත. එම නියෝගය නොතකමින් මුන්දලම පොලිසියේ රථවාහන අංශයේ සේවය කරන නිලධාරීන් දෙදෙනෙකු 30 වැනිදා අලුයම වේග මාපක යන්ත්‍රය රැගෙන ගොස් ඇත. එම නිලධාරීන් දෙදෙනා පුත්තලම – හලාවත මාර්ගයේ රැඳී සිටිමින් වේග මාපක යන්ත්‍රය ක්‍රියත්මක කර ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් නවත්වා ඇත. එම මෝටර් රථයේ ගමන් කරමින් සිට ඇත්තේ පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාය.

තම නියෝග නොතකමින් වේග මාපක යන්ත්‍රය පොලිස් ස්ථානයෙන් රැගෙන ගොස් එය ක්‍රියාත්මක කළ නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග ගැනීමටද කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා නියෝග නිකුත් කර ඇත.

Related posts

මහින්දගේ ප්‍රජා අයිතිය ජීවිතාන්තය දක්වාම අහෝසි කිරීමට නිර්දේශ කෙරේ…

colombotoday

තෙල් වල කොමිස් එක යන්නේ කාටද මෙන්න පිළිතුර

Admin

කලබල වෙන්න එපා… වෙලාවට කියන්නම් !

colombotoday

සිංහරාජයේ වනස්පති මිනිසා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ඖෂධ මගඩිය හෙළිදරව්වෙන් ඇමති පුතා කිපෙයි.. මරණ තර්ජණ !

colombotoday

බුර්කාව තහනම් කෙරෙන නව නීති කෙටුම්පත සකස් කර අවසන්

colombotoday