Colombo Today Local News

සත් වසරකට පසු හෙළිවන යුද්ධයේ කොටි රහස්‌ !

prabhakaran - charles anthonyකොටි ත්‍රස්‌තවාදීන් 4000 ක්‌ හමුදාවට භාරවූයේ නැත. මින් වැඩිදෙනෙක්‌ උතුරේ පදිංචිව සිටි සැඟවූ අවි ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය තිබෙන්නේ කොහේදැයි දන්නේ ඔවුන් පමණි. 2009 මැයි 19 දා වනවිට කොටි සංවිධානය සතුව තිබූ ටී.එස්‌.ටී. සහ සී-4 පුපුරන ද්‍රව්‍ය කිලෝ 13178 ක්‌ද පිපිරවීමේ උපකරණ වූ ඩෙටනේටර් 246363 ක්‌ද සොයා ගැනුණි.

මේ හැර මරාගෙන මැරෙන කළු කොටි බෝම්බකාරියන් පළඳින පුපුරණ ද්‍රව්‍ය අඩංගු තනපටවල් 14 ක්‌ද පුපුරන ද්‍රව්‍ය කබා 18 ක්‌ද පුපුරන ද්‍රව්‍ය අඩංගු පටි 291 ක්‌ද හමුවිය.

මේ පසුබිම මැද ඇමරිකානු රජය සහ බ්‍රිතාන්‍යය උතුරෙන් හමුදාව ඉවත් කරන ලෙස රජයට බලපෑම් කර ඇත.

උතුරේ හමුදාව ස්‌ථානගතවීම සම්බන්ධයෙන් අමාත්‍ය මනෝගනේෂන්ද වරක්‌ ප්‍රකාශයක්‌ කරමින් ද්‍රවිඩ දේශපාලන පක්‍ෂ අළුතින් ආරම්භ කළ හමුදා කඳවුරු පමණක්‌ ඉවත්කරන ලෙස ඉල්ලා ඇත.

හමුදා බළසේනා 10 ක්‌ උතුරේත් පහක්‌ නැඟෙනහිරත් තිබෙනවා යයි ගනේෂන් තවදුරටත් පවසා ඇත.

එහෙත් අතීතය සිහිපත් කළ යුqතුය. කැනඩාවේදී මනෝගනේෂන් ඇමතූ රැස්‌වීමක තේමාව වූයේ ශ්‍රී ලංකා ද්‍රවිඩ කලාපයක්‌ වූ වන්නි කොටු වී ඇත යන්නයි.

මේ පසුබිම මත කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය මෙරට ආරක්‍ෂක හමුදාව සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේ මෙහෙයුමක්‌ සඳහා කොළඹ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නමැති රාජ්‍ය නොවන සංවිධානයට අරමුදල් සපයා ඇත.

රජ‍යේ සංහිදියා වැඩපිළිවෙල මෙහෙයවන ප්‍රධානියෙකු වන ‘විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ’ අධ්‍යක්ෂක පාක්‍යසෝති සරවණමුත්තු

මේ රහසිගත මෙහෙයුමේ අරමුණ වූයේ උතුරු නැඟෙනිහිර සිටින ආරක්‍ෂක හමුදාව කොපමණ ඉඩම් ප්‍රමාණයක ස්‌ථානගතව සිටින්නේද යන්න සෙවීමය. මෙය නීති විරෝධී ක්‍රියාදාමයකි. විදෙස්‌ අරමුදල් ලබන මෙම රාජ්‍ය නොවන සංවිධානය හයදෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ යොදවමින් යුද, නාවික හා ගුවන් හමුදා කඳවුරු පිහිටා ඇති ස්‌ථාන ගැන සොයා බලා තිබේ.

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන කියමන සනාථ කරමින් උතුරේ හමුදා කඳවුරු ගැන විමර්ශනය කළ මෙම රාජ්‍ය නොවන සංවිධානයට රජය සංහිඳියා කාර්යය පවරා තිබුණි.

එහෙත් උතුරේ ආරක්‍ෂක බලධාරීහු මෙම රාජ්‍ය නොවන සංවිධානයේ අබිරහස්‌ මෙහෙයුම ගැන දැන සිටියේ නැත. පසුගිය රජය සමයේ මෙම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට දැන් මෙන් උතුරේ සැරිසැරීමේ ඉඩ ලැබුණේ නැත.

එහෙත් ඩෙල්µa, වේලනි, චාවාකච්ෙච්රි ඇතුළු ප්‍රදේශ රැසක හමුදාව සිටින ආකාරයට අදාල තොරතුරු දැනගැනීමට එම රාජ්‍ය නොවන සංවිධානයට හැකිවිය.

යාපනය දිස්‌ත්‍රික්‌කයේ රජය සතු අක්‌කර 7,39,475 කද පුද්ගලික ඉඩම් අක්‌කර 6400 කද ත්‍රිවිධ හමුදාව සිටින බවට එම සංවිධානය සොයාගෙන ඇත.

මේ හැර මුලතිව්හි අක්‌කර 1,551 කද කිලිනොච්චියේ අක්‌කර 515 කද මන්නාරමේ අක්‌කර 1717 කද වව්නියාවේ අක්‌කර 2115 කද ත්‍රිවිධ හමුදාව සිටින බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සකස්‌ කළ වාර්තාවෙන් අනාවරණය විය.

මේ එන්. ජී. ඕ. සංවිධානය මෙකී වාර්තාවෙන් ලෝක ප්‍රජාවට පෙන්නුම්කර ඇත්තේ උතුරේ අක්‌කර 12500 ක භූමි ප්‍රමාණය ශ්‍රී ලංකා හමුදාව අත්පත් කරගෙන සිටින බවයි.

මෙයට සමානව උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් පැවසුවේද උතුර අත්පත් කරගත් හමුදාවක්‌ සිටින බවයි.

මෙරට ජාතික ආරක්‍ෂාවේ සිට දේශපාලන කටයුතු දක්‌වා බරපතළ ලෙස මැදිහත්වී සිටින මෙම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය 2016 මාර්තු මස පිටු 25 කින් යුත් විමර්ශන වාර්තාවක්‌ සකස්‌කර බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කර ඇත.

මේ පසුබිම මැද බ්‍රිතාන්‍ය රජය ගෙනයන ක්‍රියාමාර්ගය හෙළිවී තිබේ. ශ්‍රී ලංකාවේ හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කළ බව කියමින් ඒ ගැන හමුදාව වගකිවයුතු බව නිරතුරුවම පවසන්නේ බ්‍රිතාන්‍ය රජයයි.

බ්‍රිතාන්‍ය රජය උතුරේ ත්‍රිවිධ හමුදාව සිටින ප්‍රදේශ විමර්ශනය කිරීමට මෙරට රාජ්‍ය නොවන සංවිධානයක්‌ යොදා ගත්තේ ශ්‍රී ලංකාවේ හමුදාව ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළේ එක්‌ පියවරක්‌ වශයෙනි. එය සනාථ වන්නේ චැනල් 4 රූපවාහිනියේ නිෂ්පාදක ජෝන් ස්‌නෝ මෙරටට පැමිණ යාපනයට ගොස්‌ මෙපමණ විශාල හමුදාවක්‌ යාපනයේ සිටින්නේ කුමකටදැයි පැවසීමෙනි.

චැනල් 4 රූපවාහිනියද බ්‍රිතාන්‍ය රජයේ ශ්‍රී ලංකාවට එරෙහි මෙහෙයුමේ එක්‌ පාර්ශ්වයකි. චැනල් 4 රූපවාහිනියේ කැලම් මැක්‌රේ ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය වීඩියෝ චිත්‍රපට තුනක්‌ නිපදවා ලොව පුරා ප්‍රචාරය කළේ එම මෙහෙයුමේ අංගයක්‌ ලෙසයි. එහෙත් චැනල් 4 මෙහෙයවන්නේ කවුදැයි සොයාගැනීමට ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයට නොහැකිවිය.

චැනල් 4 යනු බ්‍රිතාන්‍ය රජයේම ආයතනයක්‌ බව හෙලිවූයේ මෑතකදීය. අගමැති ඩේවිඩ් කැමරන් චැනල් 4 සම්බන්ධව පැවසුවේ එය තමාගේ ප්‍රියතම රූපවාහිනී සේවාව බවයි.

එසේම නම් ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය වීඩියෝ පට නිපදවීමට චැනල් 4 රූපවාහිනිය ක්‍රියාකිරීමේ පසුබිමේ සිටියේ ඩේවිඩ් කැමරන් බව සනාථ නොවන්නේද?

එය තවදුරටත් තහවුරුවූයේ කොළඹ පැවැති පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව සඳහා තමා පැමිණෙන්නේ චැනල් 4 රූපවාහිනී ශිල්පීන්ට වීසා බලපත්‍ර දුන්නොත් පමණක්‌ බව කැමරන් පැවැසීමයි.

මෙලෙස වසන්වී තිබූ චැනල් 4 රූපවාහිනියේ ක්‍රියාදාමයන් හෙලිවෙද්දී කොළඹ හා යාපනයේ කොටි හිතවාදී මාධ්‍ය හිටපු කොටි කාන්තා බළකායේ නායිකා තමිලිනිගේ ග්‍රන්ථයට කිසිදු ප්‍රචාරයක්‌ දීමෙන් වැළකී ඇත.

මෙයට හේතුවූයේ හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ඇතුළු විවිධ පාර්ශ්ව ලොවපුරා ප්‍රචාරය කළ සුදු කොඩි කතාව තමිලිනිගේ ග්‍රන්ථයෙන් බොරු බව සනාථවීමයි.

තමිලිනි සිය ග්‍රන්ථයේ කිසිම තැනක සුදු කොඩි කතාවක්‌ සඳහන් කර නැත. වන්නි මෙහෙයුමේ අවසාන සමයේ ප්‍රභාකරන් ජ්‍යෙෂ්ඨ කොටි හමුදා නායකයන් පසෙකට දමා යුද්ධ මෙහෙයවීමට සිය පුතු චාල්ස්‌ ඇන්තනීට භාරදුන් බවද තමිලිනි හෙළිකර ඇත.

තමිලිනි සිය ග්‍රන්ථයේ මෙලෙස දක්‌වා තිබේ.

“209 වසරේදී ආරක්‍ෂක හමුදා කිලිනොච්චිය වටකලා. මේ නිසා ජ්‍යෙෂ්ඨ කොටි ක්‍රියාකාරීන් ප්‍රභාකරන් අමතා යුද්ධය නතර කරන ලෙස ඉල්ලීමක්‌ කරනු ලැබුවා. එහෙත් ප්‍රභාකරන් ඊට අවනත නොවී යුද්ධය ගෙනගියා යෑයි ඇය තවදුරටත් සඳහන් කර ඇත.

මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් ප්‍රභාකරන් සිය පුත් චාල්ස්‌ ඇන්තනීට යුද්ධය භාරකළේ සුදු කොඩි ඔසවා යටත්වීමට නොවේ. චාල්ස්‌ ඇන්තනී සුදු කොඩි ඔසවා යටත්වීමට එකඟවූ බවක්‌ තමිලිනි පවසන්නේ නැත. එසේ නම් මේ සුදුකොඩි කතාවේ නිර්මාතෘ කවුරුන්ද?

තමිලිනි පවා නොදන්නා සුදු කොඩි කතාව පිළිබඳව මුලින්ම සැකය පළ කළේ මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ හමුදා නිලධාරී කර්නල් ලෝරන්ස්‌ ස්‌මිත්ය.

ප්‍රභාකරන් වැනි අයෙක්‌ සුදු කොඩි ඔසවා යටත්වන ලෙස තම හමුදා නායකයන්ට පවසා ඇති බවට කෙරෙන ප්‍රකාශය පිළිගත නොහැකි යෑයි ලෝරන්ස්‌ ස්‌මිත් කියා සිටියේය.

එසේම බ්‍රිතාන්‍ය වාර්තාකාරියන්වූ මැරී කොල්වින් පැවසුවේ සුදුකොඩි ඔසවා යටත්වන ලෙස ප්‍රභාකරන් තමන්ට අවසර දුන් බව පුලිතේවන් පැවසූ බවයි. එහෙත් ඒවනවිට ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව තවදුරටත් මෙහෙයුම් දියත් කළේ චාල්ස්‌ ඇන්තනීයි.

වන්නි මෙහෙයුම අවසාන අදියරේදී චාල්ස්‌ ඇන්තනි මෙහෙයුම් දියත් කළ බව හෙලිකර ඇත්තේ තමිලිනියි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පත්කළ පරීක්‍ෂණ මණ්‌ඩලයද විමර්ශනයට ලක්‌කළේ වන්නි මෙහෙයුමේ අවසාන කාලසීමාවයි. එම පරීක්‍ෂණ මණ්‌ඩලය පසුගිය සැප්තැම්බර් මස ප්‍රකාශයට පත්කළ පරීක්‍ෂණ වාර්තාවේද සුදු කොඩි කතාව ගැන සඳහන් කර ඒ ගැන පරීක්‍ෂණ කළ යුතු බව සඳහන් කර තිබුණි.

මෙම සුදු කොඩි කතාව බ්‍රිතාන්‍ය චැනල් ෙµda රූපවාහිනිය මගින් හා රාජ්‍ය නොවන සංවිධාන මගින්ද ප්‍රචාරය කරමින් ශ්‍රී ලංකා රජය යටත්වූවන්ව මරාදමා ඇතැයි කියා සිටියේය.

තමිලිනිගේ ග්‍රන්ථයෙන් ස්‌විස්‌ටර්ලන්තයේ සිය පවුලේ අය සමඟ දේශපාලන රැකවරණ සමඟ පිං පඩි ලබන මෙරට හිටපු වාර්තාකරුවකුවූ බොම්බඩියර් නැමැත්තා ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය හමුවේ දුන් සාක්‌කියද බොරු බව සනාථ විය.

ඒ සුදු කොඩි ඔසවාගෙන පැමිණි කොටි හමුදා නායකයන්ට වෙඩි තබන ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ විසින් 58 වැනි සේනාංකයේ සේනාධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට දුන් නියෝගය තමන්ට ඇසුන බවයි.

මේ නිසා 2009 දෙසැම්බර් මස සිට මේවන තෙක්‌ ප්‍රචාරය වී ඇති සුදු කොඩි කතාව තමිලිනිගේ ග්‍රන්ථය නිසා ගල් පැලෙන බොරුවක්‌ බවට පත්වී ඇත.

එසේම වන්නි මෙහෙයුමේ අවසාන කාලයේ යුද්ධය මෙහෙය වූයේ චාල්ස්‌ ඇන්තනී බව මෙරට හමුදාවට හෝ ඉන්දීය බලධාරීන්ට පවා වාර්තා වී නොතිබුණි.

මේ සාවද්‍ය සුදු කොඩි කතාව ලොව පුරා ඉතා ප්‍රබල ලෙස ප්‍රචාරය කිරීමට මුල්වූයේ හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක්‌ වූ යස්‌මිත් සුකායි.

ඇය රූ සටහන් සහිතව සුදු කොඩි කතාව සම්බන්ධ පිටු 70 ක වාර්තාවක්‌ද ප්‍රකාශයට පත්කළාය.

තමිලිනි සිය ග්‍රන්ථයේ තවදුරටත් දක්‌වා ඇත්තේ චාල්ස්‌ ඇන්තනීව වඩාගෙන ගිය ජ්‍යෙෂ්ඨ කොටි ක්‍රියාකාරීන්ට පවා පසුව චාල්ස්‌ ඇන්තනීගේ නියෝග පිළිපැදීමට සිදුවූ බවයි.

ඉන්ද සැඩෝ ඔµa ෂාප් ඒඡ් ස්‌වෝඩ් නැමැති තමිලිනිගේ ග්‍රන්ථය ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය හමුවේ විද්යුත් ලිපි හා තැපැල් මගින් සාක්‌කි දුන් අයගේ සාක්‌කිද බොරු කර ඇත.

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද්ධය මෙහෙයවීම ප්‍රභාකරන් ජ්‍යෙෂ්ඨ කොටි හමුදා නායකයන්ට දුන්නේ නැහැ. ඔවුන් අභිභවා පුත් චාල්ස්‌ ඇන්තනීට දුන්නා යයි තමිලිනි සිය ග්‍රන්ථයෙන් හෙළිකළේ කොටි සංවිධානයේ අභ්‍යන්තර අරගලය සනාථ කරමිනි.

මෙලෙස තමිලිනි වන්නි මෙහෙයුමේ අවසන් සටනේ වන්නියේ හා කොටි සංවිධානය තුළ පැවැති තත්ත්වය හෙළිකරද්දී පුලිතේවන්, නඩේෂන් හා නඩේෂන්ගේ බිරිය ඇතුළු කොටි හමුදා නායකයන් සුදු කොඩි ඔසවාගෙන පැමිණි බව එරික්‌ සෝල්හයිම් කළ ප්‍රකාශයද සාවද්‍ය බව තහවුරු වේ.

ඇගේ මේ ග්‍රන්ථයේ තවත් බොරු ප්‍රකාශ කළ පාර්ශව ගැන හෙළි කරති. ඒ ඉන්දීය රෝ සංවිධානයේ හිටපු ප්‍රධානියා වූ රූබන් මෙන්ම ඉන්දීය සාම හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානී කර්නල් හරිහරන්ද කළ ප්‍රකාශයි.

කිලිනොච්චිය වටකළ හමුදාව ඉල්ලන් කනු ඇතැයි එම පාර්ශ්ව පවසද්දී තමිලිනි පැවසුවේ කිලිනොච්චිය හමුදාව වටකිරීමෙන් පසු සටන නතර කරන ලෙස කොටි ක්‍රියාකාරීන් ප්‍රභාකරන්ගෙන් ඉල්ලීමක්‌ කළ බවයි.

ලබන මැයි 19 දාට වන්නි මෙහෙයුම අවසන්වී වසර 7 ක්‌ සපිරෙයි. වන්නි මෙහෙයුමට හත් වසරක්‌ සපිරෙන අවස්‌ථාවේ සැඟවී තිබූ රහස්‌ හෙලිවීම තුළින් වඩාත් කෝපයට පත්වී ඇත්තේ ඊළාම් ජාලයයි. මේ ඊළාම් ජාලය තමිලිනි ද්‍රෝහී කාන්තාවක්‌ ලෙස නම්කර ඇත. ඊට හේතුව වී ඇත්තේ ඇගේ ග්‍රන්ථයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා කණපිට පෙරලීමයි.

එහෙත් සුදු කොඩි කතාව නිසා එක්‌තරා ඉංග්‍රීසි පුවත්පතක මාධ්‍යවේදිනියකට ඇමරිකාවේ දේශපාලන රැකවරණ ලබාගත හැකිවිය. සුදු කොඩි කතාව තුළින් චැනල් 4 රූපවාහිනියේ කැලම් මැක්‌රේගේ මඩියද තරවිය. ශ්‍රී ලංකා හමුදාව ප්‍රභාකරන්ව අත්අඩංගුවට ගෙන පසුව මරාදැමූ බව කියමින් හොඳ ප්‍රවෘත්තියක්‌ රැගෙන මැක්‌රේ ජිනීවා පැමිණියේය.

මේ පසුබිම මැද තමිලිනි හෙළි කළ රහස්‌ ද්‍රවිඩ සන්ධානය මෙන්ම ඊළම් ජාලය වෙත එල්ල වූ බරපතල අභියෝගය විය.

ඉන් චැනල් 4 කැලම් මැක්‌රේ, හිටපු බී.බී.සී. වාර්තාකාරී ප්‍රැන්සිස්‌ හැරිසන්, හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී චන්ද්‍ර නේරු, බී.බී.සී. වාර්තාකාරියක්‌වූ මාරි කොල්වින්, නෝර්වේ හිටපු අමාත්‍ය එරික්‌ සෝල්හයිම් ඇතුළු සුදු කොඩි කතාවේ ප්‍රචාරණයට සියල්ල බොරු කී බව සනාථ වේ.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

“බෙදාහැරීම නිම වනතුරු ඉදිරි දින තුනේ පෝලිමේ ඉන්න එපා”

colombotoday

නාමල් කුමාර අත්අඩංගුවට !

colombotoday

කෝටි 6කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව අල්ලයි

Admin

ගෝටාගේ පාස්පෝට් ගැන කොළඹ අපරාධ කොට්ඨාශයෙන් පරීක්‍ෂණ ඇරඹේ..

colombotoday

මේ මාසය තීරණාත්මකයි.. ජනපති තද තීරණයක් ගන්න යයි !!

colombotoday

ඊයේ එජාපයට පැන්න වසන්ත අද තවත් පිම්මක් පනී…

colombotoday